තව දුරටත් අපේ පටු මතවාද ආගමික විශ්වාසයන් හා වත් පිළිවෙත් තුළ ගැට ගසන විට දී එවැනි පිටු ඇදහිලි මත ගොඩනැගුණු බල සංස්ථාවන් භූමරංගයක් වී අප ව පමණක් නොව සොබාදහම ද විනාශ කරන බව අප ඇස් පනා පිටම දෘශ්‍යමාන වේ. හෙටක් වී විනාශය සිඳ වීමට ඉඩ දී බලා සිටිමුද ?

‘තවද ඒ දවස්වලදී දුක් ගැවිනාවලින් පසුව, හිරු මඩල අඳුරු වන්නේය. සඳ මඬල එළිය නොදෙන්නේය. අහසේ තාරකා පතිත වන්නෝය. අහසේ බලා පරාක්‍රමයෙන් චංචල වන්නාහ. ‘එකලට මනුෂ්‍ය පුත්‍රයාණන් බලා පරාක්‍රමයෙන් වඩින බව ඔව්හූ ද දන්නෝය.

වර්තමානය අප මුහුණ දෙන සිද්ධින් අපගේ ම නිමැවුම් බව වටහා ගන්නට අද සුපුවත අපට අතැවලක් සපයයි.

’කොටස් වෙළඳ කඩා වැටේ’
මහ බැංකුව අර්බුදයක’
රුපියලේ අගය පහත වැටේ
විදේශ සංචිත සිඳී ගාසිනි.’

ඔබ අප පසුකරගෙන යන අතීතය ගොඩනැගුයේ කවුරුන්ද ?

දෙවියන් හෝ වෙනයම් අදෘශ්‍යමාන බලවේගයන් විසින්ද ?

ධන වන්දනාව පෙරලා සමාජය මෙහෙයවමින් අර්බුදයට ගෙන යන බව සනාථ කරන ප්‍රතිඵල කිහිපයක් ඉහත දැක් වේ. අප මුහුණ දෙන සිද්ධින් ආර්ථීක අර්බුදයක ප්‍රතිඵල ගෙන දෙන හුදකලා සිද්ධින් පමණක් ම නොවේ. එය තවත් යුගයකට ගැට ගැසේ.

අද සුපුවත ලියන මාක් තුමා ජීවත් වු පසුබිම ඉතා වැදගත් කාරණාවක් මතු කර දක්වයි. එතුමා සුපුවත ලියන සමය නිරෝ අධිරාජ්‍ය විසින් ජුදා ක්‍රිස්තියානි ජනතාව පීඩා ගෙන දුන් සමයයි. රෝම අධිරාජ්‍යය තම මිලිටරිය පතුරුවමින් ජෙරුසලම වටලයි. දෙවියන්ට  ඉඩක් නැති බලයට හා ධනයට තැනක් ඇති බල කේන්ද්‍රස්ථානය ජේසු තුමාව ප්‍රතික්ෂේප කරන විට උන්වහන්සේ මෙම විනාශය කලින් දුටු සේක. ඒ බව ජනතාව හා බලාධිකාරය ඉදිරියේදි නොබියව ප්‍රකාශ කළ සේක.

අදත් අපිට අත්තික්කා ගසේ ඉගෙන ගන්න එතුමා ආරාධනා කරයි’ සොබා දහමට ඔච්චම් කරන ජන නායකයින් සහ ඔවුන් පසු පස යන කිතුනු ජනතාවට සොබාදහම තුළ සිදුවන වෙනසින් හෝ ඉගෙන ගන්න යැයි පවසන සේක. ඒ වචනයේ බලවන්ත බව අද සුපුවත තුල අවධාරණය කරයි.

‘අහසත් පොළවත් පහව යන්නේය. එහෙත් මාගේ වචන කිසිදා පහව නොයන්නේය’

අපේම සැලසුම් වලින් අනෙකා පීඩාවට පත් වන බව නොදැනෙනා සිටින අපට සංවේදි වන්නට අද මතක් කර දෙයි.

දේව මාලිගාවේ දෙවියන් වහන්සේට ඉඩක් නොමැති සේ අපගේ ශරීරය නමැති දේව මාලිගාවේ ‘දේව හඬට’ ඉඩක් නොමැත. අනෙකාට සවන් දෙන්නට කැමැත්තක් නොමැත.

තව දුරටත් අපේ පටු මතවාද ආගමික විශ්වාසයන් හා වත් පිළිවෙත් තුළ ගැට ගසන විට දී එවැනි පටු ඇදහිලි මත ගොඩනැගුණු බල සංස්ථාවන් භූමරංගයක් වී අප ව පමණක් නොව සොබාදහම ද විනාශ කරන බව අප ඇස් පනා පිටම දෘශ්‍යමාන වේ. හෙටත් මේ විනාශය සිදු වීමට ඉඩ දී බලා සිටිමුද ?

අපේ දිනපතා යැදුම තුළ දී දෙවියන්ගේ වචනයට සවන් දෙනවාද ? සතිපතා දිව්‍ය පූජාව ණය යුක්තියන් ඉටු කිරීමක්ද ? තත්පර 30 මනස්ථාපනය හුදු පුරුද්දක් පමණක් ද ? දේව වචනයේ අභියෝගයට අපව සූදානම් කරන මොහොතක් බවට එය පත් කරගන්නට අපි සූදානම්ද ?

“උන්වහන්සේ දොරකඩ ළගට යැයි දැන ගන්න” අනෙකාට ඇහුම්කන් දෙන විට උන්වහන්සේ දොරකඩ බව ඔබට දැනෙනවාද ? බහුතරය තුළ ස්ථාපිත වී ඇති පැළ පැදියම වී ඇති උද්දච්චකමට හා පුහුමානයට සුරුවම් සේ නමස්කාර කරන විට අනෙකාට සංවේදි වීමට නොහැකි බව අපට වැටහෙන්නේ ද ?

“හැම පූජකයෙක්ම සිට ගෙන දවස් පතා තේවා ඉටු කරමින් කිසි කලෙකත් පව් නසාලීමට නොහැකි වු එම පූජාවන් බොහ‍ෝ වර ඔප්පු කරයි”

වත් පිළිවෙත් මැජික් නොවන බව, දෙවැනි කියවීම එළිදරව් කරයි. නව ගිවිසුමේ පූජා වීම ජේසුස් වහන්සෙගේ ජීවිතයේ ජනතාව හා මුසු වෙමින් ඔවුන් වෙනුවෙන් වැය වීම සැබෑ පූජාව බව මතක් කර දෙයි.

නව යුගය පිළිබඳ සහතිකය

ඔබ අයිති වන්නේ ජීවිත හා ලෝකය විනාශ කරන බලවතුන්ගේ පීඩකයන්ගෙන් සමාගමටද ? එසේ නම් ජේසුස් වහන්සේ ඔබව නොහඳුනා බව ප්‍රකාශ කරයි.

අද වන විට අප සමාජයේ නොයෙක් තරාතිරම් වල ජනකොටස් පීඩා විඳින බව දැන ඔවුන් සමඟ දිනපතා ඒකරාශි වෙමින් සිදුවන ජීවිත හා සොබාදහමේ විනාශයන්ට  එරෙහිවද ජීවිත ගොඩනැගීමට සහයෝගය දැක්වීම නව ගිවිසුමේ පූජකවරයට අයත් වන බව පෙන්වා දේ. ඔවුන් සමග දෙවියන් ජීවමානව වැඩ සිටිමින්, ධෛර්වත් කරමින් ප්‍රීතියේ ජීවගුණය අත්දකින්නට හැකි බව අද සුභාරංචිය වේ.


7GradeWriterWorkshop නන්දන සපරමාදු පියතුමා

Jesustoday.lk 5 වන වසර 36 වන සතිය 2021 නොවැම්බර් 14 වන ඉරිදා 

 

Comments powered by CComment