නව ජාතිකවාදය යනු කුමක් ද ? ජාතික රාජ්‍ය තුළ සිටින ප්‍රමාණාත්මකව සුළුතර ජන වර්ග, ආගමිකයින්, සරණාගතයන්, සංක්‍රමණිකයින් රාජ්‍යයේ වර්ධනයට සතුරු පිරිස් ලෙස හඳුනා ගනිමින් ප්‍රධාන ජාතිකත්වයේ ජාතිවාදයට ප්‍රමුඛත්වය දෙන ජාතිවාදයක් ජාතික රාජ්‍ය විසින් තම ප්‍රධාන දෘෂ්ටිවාදය ලෙස වැළඳ ගැනීම හා බහුතර ජාතියේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සලකමින් නව ජාතිකවාදින් විසින් රාජ්‍ය බලය අතට ගෙන ක්‍රියාත්මක කිරීමයි.

ප්‍රාග්ධනවාදයේ අර්බුදය.

ප්‍රාග්ධන තර්කනය මත ගොඩනැගී ඇති ධනවාදි ක්‍රමය විසින් ගෝලීයව ඇති කර ඇති අර්බුදය ගෝලීය පාරිසරික අර්බුදය ගැන අවධානය යොමු කිරිමෙන් පමණක් වූවද අවබෝධ කරගත හැකියි.

නමුත් ප්‍රාග්ධනයේ තර්කනයට හසුවූ ක්‍රමය පහසුවෙන් ආපසු හැරවීමට නොහැකි නිසාත් මේ ක්‍රමයේ ප්‍රතිලාභ ලබන්නත් යථාර්ථය පිළිගැනීමට අකමැති නිසාත් සිදුවන්නේ සැබෑ අර්බුදය සඟවා ලමින් විවිධාකාර දෘෂ්ටිවාදයන් පෙරට දමා ක්‍රමය ඉදිරියට ගෙනයාමයි.

ප්‍රාග්ධනේෂ්වර ක්‍රමය ලොව පුරා ව්‍යාප්ත වූයේම ප්‍රාග්ධන ඒකරාශිකරණයට තිබු සීමා මායිම් පුපුරුවා හරිමින් එකල පැවැති වැඩවසම්වාදි රාජන්වූ ක්‍රමයට වඩා ප්‍රගතිශිලි ප්‍රජාතන්ත්‍රවාදි ජාතික රාජ්‍යයන බිහි කර ගනිමිනි. එහිදි සිදුවූයේ බොහෝ රටවල් තුළ සිටි විවිධ ජනවර්ග ජාතික රාජ්‍ය මතවාදයක් තුළ “නූතන ජාතියක්” ලෙස සංවිධානය වීමයි.

“ඉන්දීය ජාතිය” “ඇමරිකානු ජාතිය” ආදි ලෙස එය වර නැංවිනි. අපි හින්දුන් අපි සික්වරුන්. අපි මුස්ලිම්වරුන් කියනු වෙනුව “අපි ඉන්දියානුවෝ” කියන පොදු ජාතිකත්වය ජාතික රාජ්‍ය සඳහා පදනම් කරගැණුනි. එමගින් සාපෙක්ෂව සියලු ජාතින්ට සම හිමිකමක් ප්‍රකාශ විණි. (නමුත් සමාජ විෂමතා වාර්ගික, වර්ණ කුල භාෂා ධ්‍රැවිකරණයක් ජාතික රාජ්‍යයන් අභ්‍යන්තරයේ නොතිබුණා නොවේ)

මෙසේ ප්‍රාග්ධනේෂ්වරවාදයේ පළමු අදියර තුළ ගොඩනැගුනු “නූතන ජාතිය” හා බැදුනු “ජාතිකවාදය” පෘතුවිය තුළ ඉටු කළේ සාපෙක්ෂව ප්‍රගතිශීලි කාර්ය භාරයකි. නමුත් ප්‍රාග්ධනෙෂ්වර ක්‍රමය පදනම් වී තිබෙන්නේ මානවයාත් පෘතුවියත් තිරශ්චීන ලෙස සූරාකෑම මත වන නිසාම සෑම ජාතික රාජ්‍යයක් තුළම අර්බුද පැන නැගීම ස්වභාවික තත්ත්වයකි.

ඒ අර්බුද වනාහි ක්‍රමයේ අර්බුදයයි.

මේ අර්බුදයට හේතුව ‘ක්‍රමය’ බව හඳුනාගෙන එය වෙනස් කිරිම වෙනුවට අර්බුදයට හේතුව වෙනස් එකක් ලෙස අර්ථ කථනය කිරීම මගින් ක්‍රමය පවත්වා ගැනීමට ප්‍රාග්ධනේෂ්වරවාදයේ වත්මන් අදියර තුල ‘ජාතික රාජ්‍යන්’ ක්‍රියා කරමින් සිටි. ඒ සඳහා ඔවුන් යොදාගන්නා දෘෂ්ටිවාදය වී ඇත්තේ නව ජාතිකවාදයයි. (Neo Nationalism)

නව ජාතිකවාදය යනු කුමක් ද ?

ජාතික රාජ්‍ය තුළ සිටින ප්‍රමාණාත්මකව සුළුතර ජන වර්ග, ආගමිකයින්, සරණාගතයන්, සංක්‍රමණිකයින් රාජ්‍යයේ වර්ධනයට සතුරු පිරිස් ලෙස හඳුනා ගනිමින් ප්‍රධාන ජාතිකත්වයේ ජාතිවාදයට ප්‍රමුඛත්වය දෙන ජාතිවාදයක් ජාතික රාජ්‍ය විසින් තම ප්‍රධාන දෘෂ්ටිවාදය ලෙස වැළඳ ගැනීම හා බහුතර ජාතියේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සලකමින් නව ජාතිකවාදින් විසින් රාජ්‍ය බලය අතට ගෙන ක්‍රියාත්මක කිරීමයි.

මෙම නව තත්ත්වය ධනවාදි යුගය පිළිබඳ සම්ප්‍රදායික අර්ථ දැක්වීම් අර්බුදයට පත් කර ඇත. සාමාන්‍යයෙන් පිළිගන්නේ ධනවාදි යුගය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ජාතින්ගේ ප්‍රශ්නය විසදුනු යුගයක් වශයෙනි. එහෙත් ධනවාදයට ගෙත්තම් කළ ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සීමා අභිබවීම ප්‍රාග්ධනයට නිදහසේ ගලායාම සඳහා ඉඩහැරීමට මිස ක්‍රමයේ ආවේනික තත්ත්වයක් නොවන බවයි පෙන්නුම් කරන්නේ.

මෙම නව ජාතිකවාදය බොහෝ රටවල් තුළ ආගමික ජාතිවාදක් (Religious Nationalism) ලෙස ක්‍රියාත්මක වන බව පෙනේ. ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් හා මැද පෙරදිග කලාපයේ මේ ප්‍රවණාතවය බහුලව දැකිය හැකිය.

නව ජාතිකවාදයේ ප්‍රමුඛ රාජ්‍යයන් ගණනාවක් වර්ථමානය වන විට එහි නග්න ස්වභාවය ප්‍රකාශ කරමින් සිටි. ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, රුසියාව, බිුතාන්‍ය, මෙන්ම බුරුමය, ශ්‍රී ලංකාව, ඉරානය, ජපානය, ප්‍රංශය වැනි බොහේ රටවල් පවා මේ නව ජාතිකවාදයට ඇදී ගොස් තිබේ.

නව ජාතිකවාදයේ මානව විරෝධි දුෂ්ඨත්වය රටවල් කීපයක් ඇසුරින් විමසා බලමු.

ඉතිරිය ලබන කලාපයට.......

Jesustoday.lk 3 වන වසර 24 වන සතිය 2019 අගොස්තු 11 ඉරිදා

Comments powered by CComment