සාහිත්‍ය නිර්මාණයට විචාරය ප්‍රදීපාගාරයක් සහ උත්තේජනයක් වනුයේ විචාරය විචක්ෂණශීලිව මෙන්ම මානුෂීක (අව්‍යාජ හා අවංක) විචාරයක් වුවහොත් පමණි.

විචාරකයාගේ කාර්යභාරය වන්නේ කලාකරුවාත් රසිකයාත් අතර හෘදය සංවාදය ඇති කිරිමය. රසිකයා වඩා සුසංවේදී ජිවිතයක් වින්දනය කිරිමට හැකියාව ඇති වඩා සංවර්ධිත ආධ්‍යාත්මයක් ඇති පුද්ගලයෙකු බවට පත් කළ යුතුය.

ගැලවීම, විමුක්තිය, නිදහස පිළිබද දින දින ලබන අත්දැකීම නව මානයකින් ගැයෙන විචිත්‍ර ගීතයකි. නිරතුරු අලුත්වන ප්‍රගීතවත් ජීවිතයක ප්‍රකාශනය ගැලවීමයි. ඒ ගීතයේ ආත්මය විමුක්තියයි. විමුක්තියේ ගීතය ජුදා ක්‍රිස්තියානියට පදනම් වන පැරණි ගිවිසුමේ ජුදා ජනතා අත්දැකීමේ ආරම්භය නික්ම යාමයි. උත්පත්ති පොත නොව නික්ම යාම කේන්ද්‍රයයි.

ඒ අනුව ගත් විට පළමු ජුදා ගීතය මෝසෙස්ගේ ජය ගීතයයි.  (නික්ම යාම 15/ 1 - 18)

කවියා දෙවියන් අමතා කවිය පටන් ගත්තද අවසානයේදී කවිය නිම කරන්නේ දෙවියන්ගේ නාමයෙන් මේ අසාධාරණය කරනවුන්ගෙන් සාධාරණය ඉල්ලමිනි. බොහෝ ප්‍රමාදය සාධාරණය මිය යන තුරුම ළඟා නොවන තරම් දුරය. ඔහු / ඇය එය දනී. යම් ප්‍රමාදයක් ඉවසීමට ඔහු / ඇය කැමැතිය. එහෙත් ලොකු ප්‍රමාදයක් නොවේ.

පොදු සමාජය පෝරු පියාගේ සිනමා හා මාධ්‍ය මෙහෙවරට නිසි ඇගයූමක් ලැබදී තිබේ. නමුත් එතුමා කිතුනු පූජකයෙකු ලෙස කළ විශාල කාර්ය භාරය නිසි ලෙස ඇගයීමට ලක්ව නැත. ඒ ගැන සංවාදයක් පැවැත්විම මගින් සභාවට නිවැරදි වීම සඳහා ලබාගත හැකි ආලෝකය සුවිසල්ය.