ඇගේ ජීවිත කතාව දැන ගැනීම ඔබව පුදුමයට පත් කරනවා. ඇය මුහුණ දුන් දේවලින් අඩකටවත් ඔබ මුහුණ දී නැති වගත් ඔබ ඔබේම ජීවිතය සමග මේ පෘතුවිය මත කුමක් කර ඇත්ද යන්න ගැනත් ඔබට හිතන්න සිදු වෙනවා.

“සාර්ථකත්වය කියන්නේ ඔබ ඔබට ම කැමැති වීම. ඔබ කරන දේට කැමැති වීම. ඔබ ඒ දේ කරන විදිහට කැමැති වීම”

සාර්ථකත්වය යනු යමක් අත්පත් කරගැනීම කියා සිතන, සාර්ථකත්වය යනු යම් ඉලක්කයක් ළගා කර ගැනීම කියා සිතන, වත්මන් ලොව ජීවත්වන බහුතරයකට ඉහත දැක්වෙන ප්‍රකාශය අමුත්තක් ගෙන දේවි.

ඒ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ගැහැනියක්.

ඒ ගැහැනිය පුංචි බිළිදියක්ව මේ ලෝකයට ඉපදුනේ 1978 අප්‍රියල් 4 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයේ කලු ඇමරිකානාු පවුලක වර්ණ බේදවාදය කුරිරු ලෙස ක්‍රියාත්මක වු සුදු අධිපතිවාදි ඇමරිකාවේ කලු ක‍ෙල්ලක් වීමට කැමැතිවීම පහසු දෙයක් නොවේ.

වයස අවුරුදු තුනේදි මව්පියන් වෙන්වීමෙන් බිදි විසිරෙන පවුලක අතීතයට වෛර නොකර ජීවත්වීමට කැමැතිවීම පහසු දෙයක් නොවේ.

වයස අවුරුදු අටේදි මවගේ පෙම්වතා විසින් කුරිරු ලෙස දූෂණයට ලක් වු අතීතයකට වෛර නොකර ජීවත් වීමට කැමැති වීම පහදු දෙයක් නොවේ.

එම දූෂකයා තම මාමලා විසින් ඝාතනය කළේ තමා ඔහු කව්දැයි කියු නිසා යන භීතිය විසින් වසර පහක් පුරා කතා කිරිමට බැරි තත්වයකට පත්වු අතීතයකට වෛර නොකර ජීවත්වීමට කැමැති වීම පහදු දෙයක් නොවේ.

විවිධ දුෂ්කරතා මැද ගැල හැප්පීම් මැද රාත්‍රී සමාජහාලා තුල නලගනක ලෙස, ලිංගික සේවා සපයන්නියක ලෙස ක්‍රියාකරන්නට වු අතීතයට වෛර නොකර ජීවත්වීමට කැමැති වීම පහසු දෙයක් නොවේ.

එහෙත් ඇය ඒ සියල්ල කළාය. ඇය ඒ සියල්ල අත්දුටු තමාට කැමැති වූවාය. ඒ නිසාම ඇය 2014 මැයි 28 මිය යන විට ඉතිහාසය තුළ තම සළකුණු ගැඹුරින් සටහන් කළ විශිෂ්ඨ කාන්තාවක් වූවාය.

ඇය, මායා ඈන්ජලොව්ය.

ඇයව හැඳින්විය හැක්කේ කෙසේද ?
ඇය කිවිදියකි
ඇය ගායිකාවකි
ඇය නිළියකි
ඇය ගත් කතුවරියකි
ඇය නර්තන ශිල්පියකි
ඇය ගුරුවරියෙකි
ඇය රූපවාහින වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි
ඇය මහාචාර්යවරයෙකි
ඇය සමාජ ක්‍රියාකාරිනියකි
සියල්ලට වඩා ඇය ධෛර්යයේ ප්‍රතිමූර්තියක් වු ගැහැනියකි.

ෆිනික්ස් පක්ෂියෙකු බදු ඇය වරෙක මෙසේ ලීවාය

2021.04.16.05

“ඔබ මා සැගවුවද
දුගදම කුණු වලින්
දුහුවිල්ල සේ
මා යළිත් නැගිටිමි

ඔබ ඔබේ වදන් වලින්
මට වෙඩි තැබුවත්
ඔබේ දෙනෙත්වලින්
මා කපා දැමුවත්
ඔව්,
ඔබේ වෛරයෙන්
මා මරා දැමුවත්
සුළග සේ
මා යළිත් නැගිටිමි.

පිළිගත නොහැකි ඇත්තක්

මායා ඈන්ජලෝ ස්වයංචරිතාපදාන හතක් ලියුවාය. ඒ තරම් ඉමහත් වු කතාවක් ඈ සතු විය. ඈ තිත්ත සත්‍යය බලවත් ලෙස ලිව්වාය. පිටපත් මිලියන ගණනින් ඇගේ පොත් අලවි විය. ඒවා මහත් විවාදයට බදුන් විය. විශේෂයෙන් ඇතැම් පිරිමි ඇගේ කතාව සත්‍ය ලෙස පිළිගන්නට මැලි විය. ඒ තරම් ඒවා තුළ සැගවි තිබු සත්‍ය කටුක විය.

ඇය ඇමරිකාවේ ප්‍රථම කලු ජාතික කාන්තා චිත්‍රපටි අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රථම කලු ජාතික රූපවාහිනි වැඩසටහන් පිටපත් රචිකාවියද විය. ඇය පරාජh බාර නොගත් ගැහැනියකි.

“ඇය ලෝකයේ පුදුම වලින් එකක්. ඇයගේ පෞද්ගලික කතාව එතරම්ම පොහොසත්”

ගාවියන් පුවත්පතට ලිපියක් ලියමින් හැරි යුන්ග් තව දුරටත් ඇය ගැන මෙසේ සඳහන් කර ඇත.

"ඇගේ ජීවිත කතාව දැන ගැනීම ඔබව පුදුමයට පත් කරනවා. ඇය මුහුණ දුන් දේවලින් අඩකටවත් ඔබ මුහුණ දී නැති වගත් ඔබ ඔබේම ජීවිතය සමග මේ පෘතුවිය මත කුමක් කර ඇත්ද යන්න ගැනත් ඔබට හිතන්න සිදු වෙනවා." 

ගෞරව උපාධි 50 කට අධික ප්‍රමාණයකට හිමිකම් පාන ඇය ඇමරිකානුවෙකුව පිරිනැමෙන ඉහළට සිවිල් ගෞරවිය වන ‘නිදහස’ පිළිබඳ පදක්කමට ද හිමිකම් කීවාය.

(ලබන කලාපයට) ....

Jesustoday.lk 5 වන වසර 7 වන සතිය 2021 අප්‍ර‍ේල් 18 වන ඉරිදා

Comments powered by CComment