මාටින් ලූතර් කිං සමඟ මෙන්ම වඩාත් රැවිකල් සටන්කරුවෙකු වු මැල්කම් එක්ස් සමඟ ද ඇය සමිපව කටයුතු කළාය 1968 දි මාටින් ලුතර් කිං සනිපාරක්ෂක සේවකයන්ගේ මෙම්පීස් හි වැඩ වර්ජනයට සහය පල කිරිමට තිරණය කළ විට ඇය දුප්පත් ජනතා ව්‍යාපාරය සදහා අරමුදල් සම්පාදනයට තම කලාත්මක හැකියාවන් භාවිතා කරමින් රට පුරා සංචාරය කිරිමට පොර‍‍ොන්දු විය.

මායා ඇන්ජලොව්ගේ බහුවිද භූමිකාවන් අතර ඇගේ විශිෂ්ඨත්වය චඩලාත් ඉස්මතු කොට දක්වන “සමාජ ක්‍රියාධර ” භූමිකාව ගැන කෙටියෙන් හෝ සටහන් කර මේ සටහන නිම නොකළ හොත් එය අසාධාරණයකි.

තම ජිවිතයේ හතරවන දශකයට ඇතුළු වු විගසම වාගේ 1960 දි මාටින් ලුතර් කිං කළු ජාතින්ගේ අරගලය සම්බන්ධයෙන් දෙව්මැදුරක පැවැත්වු කතාවක් ඇසිමෙන් ඇය කළු ජාතික අරගලයේ ක්‍රියාධාරියකගේ භූමිකාවට ඇදි ගියාය.

2021.04.30.02

ඇය දක්ෂිණ ක්‍රිස්තියානි නායකත්ව සමුළුව SCLC ගෙනයන වැඩ පිීළිවලට අරමුදල් රැස්කිරිමේ වැඩ සටහනක් සංවිධානය කළාය' එහි කලාත්මක ක්‍රියාවලිය විශාල සාර්ථකත්වයක් ලබාගත් අතර ඇයව එස්. සී. එල්. සී හි නිව්යොර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරය සදහා යෝජනා විය. ඇය එස්. සී. එල්. පී හි සම්බන්ධකාරන ලෙස ක්‍රියා කළාය. 1961 දි ඇය දකුණු අප්‍රිකානු නිදහස් සටන් කාමියෙකු වු වුසුම්සි මේක් සමඟ විවාහ වි සිය තනතුරෙන් ඉල්ලා අස්වුවද දිගින් දිගටම සමාජ ප්‍රගමනය සදහා ක්‍රියා කළාය. ඇය දකුණු අප්‍රිකාණු නිදහස් සටනේ අසහාස නායක නෙල්සන් මැන්ඩෙල්ලාව දැන සිටියාය.

මාටින් ලූතර් කිං සමඟ මෙන්ම වඩාත් රැවිකල් සටන්කරුවෙකු වු මැල්කම් එක්ස් සමඟ ද ඇය සමිපව කටයුතු කළාය 1968 දි මාටින් ලුතර් කිං සනිපාරක්ෂක සේවකයන්ගේ මෙම්පීස් හි වැඩ වර්ජනයට සහය පල කිරිමට තිරණය කළ විට ඇය දුප්පත් ජනතා ව්‍යාපාරය සදහා අරමුදල් සම්පාදනයට තම කලාත්මක හැකියාවන් භාවිතා කරමින් රට පුරා සංචාරය කිරිමට පොර‍‍ොන්දු විය.

නමුත් ඇගේ 40 වන උපන් දිනය දා මාටින් ලූතර් කිං ව ඝාතනය කරනු ලැබිය. ඇය දිගින් දිගටම සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සමඟ බැදි සිටියාය. එසේම කිංගේ වැන්දඹු බිරිඳ කොරෙටා සමඟ ද ඇය මිය යන තුරුම ඇන්ජලොව් තම සම්බන්දතා පවත්වා ගත්තාය. ඒ ගැන ඇය වරෙක මෙසේ කිවාය.

“ සෑම වසරකම ඒ දිනයේදි කොරෙටාත් මමත් එකිනෙකාට මල් යවමින් අපේ ජිවිතය බෙදා ගන්නෙමු.”

කළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් ව්‍යාපාරය හා ඇගේ ආත්මිය බැඳීම කිසිදා ගිලිහුනේ නැත. 1993 දි බිල් ක්ලින්ටන්ගේ ස්ථානාධිපති පදවි ප්‍රාප්ති උළෙලේ දි ඇය ‘ උදෑසන නාඩි වැටීම’ නම් කවිය ගයනා කළාය. 

පර්වතයක්, ගඟක්, ගසක්
පිටත්ව ගොස් බොහෝ කලකට පසුව වුව
සලකුණ කරයි,
වියළි ටෝකන අතහැර ගිය ඩයිනෝසෝරයා   
ඔවුන් මෙහි පදිංචිව සිට ඇත
අපේ ග්‍රහලෝකයේ,
ඔවුන්ගේ ඉක්මන් විනාශයේ ඕනෑම පුළුල් අනතුරු ඇඟවීමක්   
දූවිලි හා වයස්වල අඳුරෙන් ගිලිහී යයි.
නමුත් අද, පර්වතය අපට පැහැදිලිව, බලහත්කාරයෙන්,   
එන්න, ඔබට මා වෙනුවෙන් පෙනී සිටිය හැකිය
ඔබගේ දුරස්ථ ඉරණමට ආපසු මුහුණ දෙන්න,
නමුත් මාගේ සෙවණෙහි කිසිදු තෝතැන්නක් සොයන්න,
මම ඔබට මෙහි සැඟවුණු ස්ථානයක් ලබා නොදෙමි.
ඔබ, නිර්මාණය කළේ ඊට වඩා ටිකක් අඩුයි
දේවදූතයන්, බොහෝ වේලාවක් ඇතුළට වී ඇත   
තැළෙන අන්ධකාරය
දිගු වේලාවක් රැඳී සිටින්න
නොදැනුවත්කමින් මුහුණ,
ඔබේ මුඛය වචන පිට කරයි
ඝාතනය සඳහා සන්නද්ධ.
පර්වතය අද අපට මොරගසයි,   
ඔබට මා වෙනුවෙන් පෙනී සිටිය හැකිය   
නමුත් ඔබේ මුහුණ සඟවන්න එපා.

එබැවින්,

ආසියානු හිස්පැනික්, යුදෙව්වන්,

අප්‍රිකාණු ස්වදේශික ඇමරිකානු

සියොස්, කතෝලික මුස්ලිම්

ප්‍රංශ, ග්‍රීක. අයර්ලන්ත

රබ්බි, පුජක, ෂෙයික්

සමලිංගික,

වරප්‍රසාද ලත් නිවාස නොමැත්තන්

ගුරුවරුන්

ඔවුන් සියල්ලනට ඇසේ. ඒ ස්පන්දනය

ඇ තුළ සියළු ජාතින් , ආගමිකයින් කෙරෙහි වු දයාර්දු හැගීම් අව්‍යාජ ඒවා විය. 1960 ගණන්වල සියලු ඇමරිකානුවන් සදහා නිදහස් අයවැයක් පිළිබද ව්‍යෘපාරයට ද ඇය එක්ව සිටියාය.

ඇගේ හඬ ඇගේ කවි බොහෝ සමාජ ක්‍රියාධාරයින්ට ක්‍රියාධාරියන්ට ජීවය ලබාදුන්නේය. වැඩියෙන්ම ඔවුන්ට බලපෑම් ඇගේ පුරාවෘත්තයක් බදු ජිවිතය වව ලියා තැබිය යුතුමය.

ඇමරිකානු ජාතික සම්මානය ඇයට පිරි නැමුනු අවස්ථාවේ ප්‍රකාශිත හේතු පාඨය ඇගේ පුළුල් සංක්ෂිප්ත කර තිබුනේ මෙසේය.

’‘ජාතිය ගොඩනැංවු ගැහැනිය”

Jesustoday.lk 5 වන වසර 9 වන සතිය 2021 මැයි 02 වන ඉරිදා 

 

Comments powered by CComment