අන්නම්මා මිය ගොස් සිටින්නේ හුදෙක් තුවායකින් පමණක් සැරසි පාළු ගං තෙරකය. ඇසින් දුටු සාක්ෂිකරුවන් නැත. ඒ මහා සිකුරාදා කිසිවෙකුත් රෙදි සේදීමට ගංතෙරට එන්නේ නැත. කටකතා වලට තටු ලැබිමට ඒ නිමිති ප්‍රමාණවත්ය. අන්නම්මාගේ මව්පියන්ටද, සහෝදර සහෝදරියන් හා නෑනාවරුන්ටද ඇත්තේ ආදායම් මාර්ගය ගෙදර වැඩකාරිය මිය යාමේ අලාභය හා පවුලට නිනදාවක් වේදෝ යන භීතියයි. ඒ බව දැනිමෙන් කියවන පාඨකයා  මරණීය වේදනාවක ගිලේ. අපගේ සමාජය ක්‍රමය තුළ සැඟ වී ඇති අනාදරය කථාකරු අප හදවත්හී ලියන්නේ ජාතික ශෝක දිනය හැඩවෙන සිතාරයක වේදනා බර තත් අප හදවත තබා පිරිමදින්නට සේය.හැදින්වීම

කෙටි කතාව කවිය සේම සියුම් ඉතා සියුම් සාහිත්‍යාංගයක්. ලෝක සාහිත්‍ය තුළ හමුවන කෙටි කතා තුළ ක්‍රිස්තියානි අවලෝකනයකට මඟ පාදන, කිතුනු දහම සංස්කෘතිය ඇසුරින් ප්‍රතිනිර්මාණය වූ කෙටි කතා ගැන ලියැවෙන සටහන් පෙළක ඇරඹුමයි මේ. එය ජීවිතාවබෝධය මෙන්ම වින්දනයද ඔබට ලබා දෙන ව්‍යායාමක් වනු ඇති.

“ජේසුගේ අක්කා හෙවත් අන්නම්මා ගුරුතුමි”

අද අපගේ රසවින්දනයට පාත්‍රවන්නේ සම්මානලාභී ඉන්දීය ලේඛක පෝල් සකරියාගේ දෙවියන්ට ස්තූති වේවා (praise the load) කෙටි කතා සංග්‍රහයේ එන "ජේසුගේ අක්කා හෙවත් අන්නම්මා ගුරුතුමි" කෙටි කතාවයි.

පෝල් සකරියා ඉන්දියාවේ ක්‍රිස්තියානි බහුතරයක් සහිත කේරල ප්‍රාන්තයේ කොට්ටායම් දිස්ත්‍රික්කයේ උරුලිකුන්තම් ග්‍රාමයේ 1945 දී ජූනි 05 උපත ලැබුවේ කතෝලික පවුලකය. ඔහු හැදී වැඩුනේ කතෝලික කිතුනු සංස්කෘතියක් තුළය. ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය හැරුනු විට ඉන් ඉදිරියටවු සියලු ඉගෙනීම් සිදුව ඇත්තේ කතෝලික පාසල් හා විශ්ව විශ්ව විද්‍යාලවලය. නමුත් ඔහු පවසන්නේ ඔහුගේ කුඩා කාලයේ කතෝලික සභාව නිදහස් ස්වාධීන කියවීම් වලට වැට කඩොලු බැද තිබු බවයි. එහෙත් වාසනාවට ඔහුගේ තාත්තා කියවීමට තමන් දිරි ගැන්වූ කියවන්නෙක් වු බවයි. තම ප්‍රථම උපාධියට ඉංග්‍රීසි සාහිත්‍ය හැදැරූ වු ඔහු ශාස්ත්‍රපති උපාධිය ලැබුවේද ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙනි.

පෝල් සකරියාගේ පසුබිම මදක් ලියුවේ ඔහුගේ කෙටි කතා තුළ විශද වන කිතුනු ලකුණ හඳුනා ගැනීමට එය ප්‍රයෝජනවත් වන නිසාවෙනි. අපි දැන් ඔහුගේ කෙටි කතාව වෙත හැරෙමු.

“ජේසුගේ අක්කා හෙවත් අන්නම්මා ගුරුතුමි”

ලෝකය දන්න ජේසුට අක්කා කෙනෙක් හිටි බව ලෝකයා අසා නෑ. එහෙම හිටියත් ද්‍රවිඩ නමක් ඇයට තියෙන්න පුළුවන්ද ? කතාවේ නම දැක්කම කතා කලාව නොදන්න ඇදහිලිවන්තයෙකු එහෙම හිතන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි ශුද්ධ ලියවිල්ල විකෘති කළා කියලා අන්තවාදී ඇදහිලිවන්තයෙකු කියන්නත් පුළුවන්.

කොහොමටත් කතාවේ නමෙන්ම අපිට පේනවානේ අන්නම්මා කියන්නේ ගුරුතුමියක් කියලා. එයා ජේසුගේ අක්කා වෙන්නේ කොහොමද කියලා කතාවේ මැදදී අපිට දැන ගන්න පුළුවන්. මේ අන්නම්මා ගුරුතුමි උගන්වන්නේ කතෝලික  පැවිදි සොයුරියන් පවත්වාගෙන යන උසස් බාලිකාවක.

කතාව පටන් ගන්නේම ජේසුගේ අක්කාගේ මරණය ජේසුගේ මරණය සිද්ධ වුණු මහ සිකුරාදාවක සිදුවූ බව කියමින් මෙන්න මේ විදිහට,

“එක් මහ සිකුරාදාවක උසස් බාලිකාවේ ගුරුතුමියක වන අන්නම්මා මාතායි. මෙනෙවිය ගම්මානය හරහා ගලා බසින කුඩා දිය පහර දිගට වැඩුණු වල් බූටෑව අසල මැරි සිටිනු දක්න ලදී.”

පළමු වාක්‍ය නිමාවෙද්දී මහ සිකුරාදා විශේෂ කොට සළකන මිනිසුන් සිටින ඉතා ග්‍රාමීය පසුබිමක් අපට මවා පෙන්වන අතර මේ ගුරුවරිය අවිවාහක ස්ත්‍රීයක බවද කතා කරු කියා නිම කරයි. ඔහුගේ දීර්ඝ ආරම්භක ඡේදයේ ඉතිරිය විසින් අන්නම්මා කෙබඳු ස්ත්‍රීයක දැයි ද ඇගේ හුදකලාව බව තනිභාවය කොතෙකැයිද කතා කෙරු ශූර ලෙස කියාපායි.

“මරණයෙහි දී පවා ඇගේ සුන්දරත්වය කැපී පෙනිණි. තණබිස්ස මත වැටී සි ඇගේ සිරුරෙහි වූයේ සාලුවක් පමණෙකි. යමෙකු විසින් ඉතා පරෙස්සමෙන් ඇය එහි හොවා තැබුවේ යැයි කිව හැකි තරම් විය. මෝදු වු කුරුලෑ කීපයකින් හා රැස් වළල්ලක් මෙන් වු අක්බඹරු කේෂ කලාපයෙන් ද සුන්දර වූ ඇගේ මුහුණ මත සාමකාමී අලෝකයක් පතිත වී තිබිණි. බොහෝ වේලාවක් යනතුරු ඇගේ මිනියට තනි රකින්නට හිටියේ පා ඇඟිලි මත වැසු බත්කූරෙකුත්, අක්බඹරුන් මත රොන් සොයා වෙහෙසෙන සමනලයකුත් පමණකි. වැහි වළාකුළුවලට යටින් කරක් ගසමින් හුන් උකුස්සෙක් පුදුමයට පත් විලාසයෙන් කීප වතාවක් ඈ වෙත පහත් වී විපරම් කළේය. මරණයට පත් වන්නට පෙර අන්නම්මා විසින් තම නිවැසියන් වන පිරිමි සතර දෙනෙකුගේ ද, ගැහැනුන් තිදෙනෙකුගේ ද, ළමුන් හය දෙනෙකුගේ ද රෙදි පෙරෙදි පොට්ටනියක් ම සෝදා පිරිසිදු කොටා දමා තිබුණි.”

දැන් අපි තුළ ගැඹුරු කම්පනයක් ඇති වෙලා. තමාට බාල නංගිලා තුන්දෙනෙකු හා මල්ලිලා තුන්දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන්ද වැයවෙමින්, ඒ නිසාමදෝ සුන්දරත්වය රැකියාව ආදි සුදුසුකම් තිබියදීත් විවාහයක් කර ගැනීමට බැරිවු ඇගේ අවසානය අපේ හදවත් මහ සිකුරාදා දිනක ඇතිවන ශෝකයෙන් පුරවාලයි.

කෙටි කතාවට සාකල්‍යයෙන්ම උචිත කෙටි බව සහිතව වූවද කතාකරු කිතුනුකම ඉක්මවා ආසියානු වැඩවසම් අගතියක් වු දැවැද්ද එම කිතුනු පවුල් වෙතද එකසේ බලපෑමෙන් පවුල‍ේ අගහිඟ හා අනෙක් සහෝදර සහෝදරියන් ජීවිත යහපත වෙනුවෙන් අන්නම්මාව පාවිච්චි කිරිමට සිදු වීමේ අයුක්තියත් අපට පෙන්වා දෙයි. පවුලේ වැඩිමලා ලෙස ඇය ඒ සියල්ල තම සරල විශ්වාසය තුළ භාරගත්තද ඇ ඇගේ ස්ත්‍රී ආත්මය ඇගේ ආශාවන් සඟවාගත්තා මිස ඉන් බැහැර වන්නියක නොවන බව කතාව තුළ මනාව ඉස්මතු වේ.

"අන්නම්මා නිරතුරුවම ජේසුන් කෙරෙහි පැහැදි සිටියාය. කුඩා දැරියක ලෙසින් විදුලි එළියක් කෙටූ විටද, වැසිදියෙන් ඉදිමි ගලන දිය පාරක් මතින් වු ලී කොට පාලමක් හරහා යන කල ද ඇය දෙගිඩියාවකින් තොරව ඒ රැකවරණය ඉල්ලා සිටියාය. “ඕ... ජේසුනි... තම තිස්තුන් වැනි උපන් දිනයේදී ද ඕ ජේසුන් ඇමතුවාය. අද ඉඳලා ඔය මගේ මල්ලී. මම ඔයාගේ අක්කා. ඒ කියන්නේ ඔයා මැරුණේ මගේ වයසේදී. ඔයා හැම දාම තිස්තුනේ. මම ඔයාට වැඩිය වැඩිමල්” එක් මහ සිකුරාදාවක දේවස්ථානයේදී ඇය ඔහුට කෙඳිරුවාය. “ඔයා අහිංසකයි. ඔයාට ලැබුණේ වේදනාත්මක මරණයක්. ඒත් ඔයා හිතුවද දවසක මේ තරම් ශ්‍රේෂ්ට කෙනෙක් වේවි කියලා. ? කුරුසිය මත එය විලාප දුන්නේ කෙතරම් අමිහිරි විදියටද ? අන්නම්මා ගුරුතුමිය සාරිපොටින් කඳුළු පිස දමාගෙන අල්තාරය ආවරණය කළ කළු තිරය මත නලියන රළ වෙත අවධානය යොමු කළාය. අන්නම්මා කිසි දිනෙක තමාට විවාහයක් වෙනුවෙන් ජේසුන් වෙත යාච්ඤා නොකළාය. තමාට හරකෙකු මෙන් සුමේ කරන්නට සිදුවීම පිළිබඳව පැමිණිළි නොකළාය.

අවුරුදු තිහ පමණ වනතුරු අන්නම්මා විවාහයක් ගැන විශ්වාස තබා සිටියාය. අන් හැම යුවතියකට මෙන් තමාටත් පියා විසින් හෝ සහෝදරයින් විසින් හෝ කුමාරයකු කැන්දා ගෙන එතැයි මඟ බලා සිටියාය. එක් ඉරිදාවක ඇගේ විදුහල් සගයෙක් වු ජෝර්ජ් සර් ඔහුගේ මයිලනුවන් කෙනෙකු ඇගේ නිවසට එවුවේය. අන්නම්මා සරණ මංගල්ලය ද දරුමල්ලන් ගැන ද සිහින ගොනු කරන්නට වූවාය. අමුත්තන් පිටව ගිය වහාම ඇයට ඇසුනේ පියාගේ දෙපරාදුවයි. “එයාට දෑවෑද්දක් දෙන්න ගියොත් අපි බංකොලොත් වේවි. අනෙක් අතට එයාට හයි ෆැමිලි බැක් ග්‍රවුන්ඩ් එකකතුන් නැහැනේ.” අන්නම්මාට තම සිහින ලත් තැනම ලොප් කර්නනට සිදු විය. පසුව මේරිකුට්ටි ගුරුතුමියගෙන් දැන ගන්නට ලැබුණු පරිදි ජෝර්ජ් සර් දෑවැද්දක් නැතුව පවා තමා බැඳගන්නට සූදානම් ව සිටියේය. නිතර බුලත්විටෙන් රතු කරගත් දෙතොල් සහිතව නිරතුරු සිනාසෙන මුහුණින් පසුවන ජෝර්ජ් සර්ට ඇය ප්‍රිය කළාය. ගුරු විවේකාගාරය ඔහුගේ විහිළු තහළු වලින් පිරි තිබිණි. ඇගේ නිවසට පැමිණිමෙන් පසු දින ඔහු කෙලින්ම ගුරු විවේකාගාරයේ මුල්ලකට වැදී නිහඬව අභ්‍යාස පොත් බැලීමෙහි නිරත විය. තැවුල් නොගන්නයි ඔහුගෙන් ඉල්ලා සිටිමට අන්නම්මාට අවශ්‍ය වූද ඉරණම ඊට එරෙහි විය. සීනුව නාද වූයෙන් අන්නම්මා තම සටහන් පොත් ද අකුලාගෙන ඊළඟ පන්නිතයට පියමං කළාය.”

මිය ගිය කාන්තාවගේ ආත්මයේ සිඳී කිඳි ගිය මිනිස් හැගුම් සමුදාය අප හදවත් කිව නොහැකි ශෝකයකින් පුරවාලයි. අගේ මේ හැගීම කෙරෙහි සුසංවේදි වු කිසිවෙක්ම නැතිකම හා ඒවා විවෘතව ප්‍රකාශ කිරිමට බැරිකම ආසියාතික සමාජය තුළ පැවැති සංස්කෘතික පසුගාමිත්වයකි. නමුත් බොහෝ විට එය ආගමිකව වර නැගුනේ උතුම් කැපවීමක් වශයෙනි.

අන්නම්මා මිය ගොස් සිටින්නේ හුදෙක් තුවායකින් පමණක් සැරසි පාළු ගං තෙරකය. ඇසින් දුටු සාක්ෂිකරුවන් නැත. ඒ මහා සිකුරාදා කිසිවෙකුත් රෙදි සේදීමට ගංතෙරට එන්නේ නැත. කටකතා වලට තටු ලැබිමට ඒ නිමිති ප්‍රමාණවත්ය. අන්නම්මාගේ මව්පියන්ටද, සහෝදර සහෝදරියන් හා නෑනාවරුන්ටද ඇත්තේ ආදායම් මාර්ගය ගෙදර වැඩකාරිය මිය යාමේ අලාභය හා පවුලට නිනදාවක් වේදෝ යන භීතියයි. ඒ බව දැනිමෙන් කියවන පාඨකයා  මරණීය වේදනාවක ගිලේ. අපගේ සමාජය ක්‍රමය තුළ සැඟ වී ඇති අනාදරය කථාකරු අප හදවත්හී ලියන්නේ ජාතික ශෝක දිනය හැඩවෙන සිතාරයක වේදනා බර තත් අප හදවත තබා පිරිමදින්නට සේය.

“පශ්චාත් මරණ පරීක්ෂනයෙන් තහවුරු වූයේ මරණයට හේතුව කිරීටක ධමනි පුපුරා යාමක් බවය. එමෙන්ම මරණ පරීක්ෂකවරයාගේ තියුණු ශල්‍ය උපකරණය හා ඔහුගේ මේස් දැමු අතැඟිලිවල දක්ෂතාව කෙසේ ද යත් අන්නම්මාගේ කන්‍යාභාවය ආරක්ෂා වී තිබුණු බව ද ප්‍රකාශ කෙරිණි. අවසානයේ තම මරණයේදී හෝ අන්නම්මා ගුරුතුමිය පුරුෂ හස්තයක පහස ලද්දී රළු ලෝහමය අවබෝධයක් තුළිනි. කිසියම් නන්නාඳුනන පෙම්වතෙකු විසින් ඇය මරණයට පත් කරන ලද්දේය යන සැකයක් මතුවන්නට තිබු ඉඩකඩ ඇවිරියාම ඇගේ පවුලට පියාට හා පවුලට යම් ආකාරයේ බරක් විය. අගේ රූ සපුව ඔවුන්ගේ අත්අඩංගුවේන මිදි ප්‍රාතිහාර්යයක් මෙන් දිදුලන්නට වූයේ තිස්නව වියේදීය පවා විවාහය සඳහා ඉල්ලුම් ගලා එමිනි. අංග ෂම්පුර්ණ නාරිලතා ලාලිත්‍ය ප්‍රසිද්ධියේ කාටත් ප්‍රදර්ශනය කරමින් මුතු කැට වැනි වැහි බිඳුවලට මැදිව ඇය මියගොස් සිටි ඉරියව්ව තම පවුලට යම් කැළලක් සිදු කළා යැයි දූෂමාණ සිතුවිල්ලක් අගේ පියා තුළ හට නොගත්තා නොවේ. අවසානයේ බුලත් කොළයක හුණු තවරා ගනිමින් එහු සිත එකඟකර ගන්නට උත්සහ කළේ ඇය කිසියම් ප්‍රමාද දෝෂයකට ගොදුරු වුවද දැන් ඒ සියල්ල අවසාන යැයි ද පවුලේ කීර්ති නාමයට හානියක් වී නැති බවද සිහි කරමිනි. එක අතකට ඒ දෙවියන්ගේ කැමැ්තතය. අනෙක ඇයත් ගැහැනුන්ටම ආවේණික වු හැඟීම්වලින් යුක්ත ගැහැනියක වීමය. පුවක් ගෙඩියක් පෙති ගසමින් ඔහු අසල වාඩිගෙන සිටි මවද ඊට හිස වනා එකඟතාව දැක්වූයේ හැඟීමකි්න නොවේ. අවමඟුලෙන් පසු පළමු ඉරුදින දේවස්ථානයට යන අතර මව තම යෙහෙළියන් අමතා මෙසේ කීවාය. “අන්නම්මාට දාහත පිරුණු දවසේ හිට අපි ඈ උන්නදු කලා පෙළවහකට. ඒත් කෝ එයාට වාසනාවක්. කොහොම හරි අපේ පවුල ආශිර්වාද ලැබුවා. ඇයි එයා කළුරිය කළේ මහා සිකුරාදාවකගේ. සැකක් නෑ එයා ජේසුන් වෙනුවේන කැපවෙලා හිටියේ”.

බොහෝට විට මනෝවිද්‍යාත්මකව හැම අක්කා කෙනෙකුටම වාගේ මල්ලී කෙනෙකු සමඟ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත ප්‍රේමයක් තිබේ. ජේසුගේ අක්කාගේ මනෝමය අප්‍රකාශීත ප්‍රේමය කා සමඟද ?

පෝල් සකරියා ශූර කෙටිකතාකරුවෙකු වන්නේ එතනදී. ඔහු තම කෙටි කෙටිකතාමය වියමන නිමා කරන්නේ ඇගේ මරණ මංචකය තුළ. ඒ මළවුන්ගේ ප්‍රේමයෙන් ස්පර්ශයෙන් අන්නම්මා මනස් සංතෘෂ්ටිය පත්වූ බව කියමිනි.

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා

 

Comments powered by CComment