ඔබ වහන්සේ මගෙන් ඉල්ලන දේ මට තේරුනේ නෑ ජේසුනි, ඊටත් වඩා මම තේරුම් ගන්න උත්සාහ කළේ නෑ. ඔබ වහන්සේ ගැන හිතනවාට වඩා හිතන්න ගොඩක් වැදගත් දේවල් මට තියනවා කියලා හිතුන නිසයි.

 

“ඔබ මගේ ජීවිතය ඉල්ලන විටදී
ඔබේ සේවය සඳහා
පැන යන්නයි මගේ ගත කැමති
සමිඳුනි වන්න සමා.....

සමාවෙන්න ජේසුනි මට, ඔබ වහන්සෙගෙන්ම මට ලැබුණ ජීවිතෙන්, අන් අයගේ යහපත වෙනුවෙන් වැය වෙන්නට මට ආරාධනා කරන විට මම උත්සාහ කළේ ඔබ වහන්සේ වෙතින් පැන යන්නටයි. ඒත් ජේසුනි, ඔබ වහන්සෙගෙන් වෙන් වී මම කොතැනකට පලා යන්නද ? හැම තැනකම ඉන්නේ ඔබ වහන්සේම බැවින්.

ගත පරදා මගේ සිත පුබුදා
දෙමි මම සමිඳුනි මගේ මුලු ජීවිතේ
ඔබේ සේවය සඳහා.....

ගත කොයිතරම් බෑ කිව්වත් හදවත අවදිකරමින් ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වන දේ වෙනුවෙන් කැපවන්නට මම එන්නම් ජේසුනී,

ඔබ මගේ පා යුග ඉල්ලන විටදී
ඔබේ සේවය සඳහා
ලස්සන මිරිවැඩි සොමින් වෙහෙසෙමි
සමිඳුනි වන්න සමා

ඔබ මගේ නෙත් යුග ඉල්ලන විටදී
ඔබේ සේවය සඳහා
කුංකුම අංජන සොයමින් වෙහෙසෙමි
සමිඳුනි වන්න සමා.

ඔබ මගේ කට හඬ ඉල්ලන විටදී
ඔබේ සේවය සඳහා
ශරසුන් හිස්බස් දොඩමින් වෙහෙසෙමි
සමිඳුනි වන්න සමා

ඔබ මගේ කටහඬ ඉල්ලන විටදී
ඔබේ සේවය සඳහා
හරසුන් හිස්බස් දොඩමින් වෙහෙසෙමි
සමිඳුනි වන්න සමා

ඔබ වහන්සේ මගෙන් ඉල්ලන දේ මට තේරුනේ නෑ ජේසුනි, ඊටත් වඩා මම තේරුම් ගන්න උත්සාහ කළේ නෑ. ඔබ වහන්සේ ගැන හිතනවාට වඩා හිතන්න ගොඩක් වැදගත් දේවල් මට තියනවා කියලා හිතුන නිසයි. මගේ දෙපා ඉල්ලන විට ඔබ වහන්සේ මම උත්සාහ කලේ මගේ දෙඅත් දෙන්න. ඒ ඔබ වහන්සේ ලවා මගේ උවමනාව ඉටුකරගන්න තරම් මම ආත්මාර්ථකාමී උන නිසයි ජේසුනි. දෙපා ඉල්ලන විට ඔබ වහන්සේව පසෙකලා මම ලස්සන පාවහන් සෙව්වා.

මගේ දෙඇස් ඉල්ලන විට ඇස් අලංකාර කර ගන්න දේ ගැනයි මම වෙහෙසුනේ, ඔබේ සේවය සඳහා මගේ කටහඬ ඉල්ලන විට මම පැත්තකට වෙලා කිසිම වැදගත් නැති වචන කියෙව්වා. ඒත් මට තේරුනා ජේසුනී, ඒ කිසිම දෙයක තේරුමක් නැති වග සමාවෙන්න දහස්වාරයක් අවදි කරන්න ජේසුනි මගේ ආත්මය. ඔබ වහන්සේ මගෙන් ඉල්ලන දේ දැනගන්න. මගේ කාර්යය තේරුම් ගන්න. පුරවනු මැනවි ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ ආලේප කරන්න ජේසුනි මා, මමත්වය පසෙකලා ප්‍රේමයෙන් හදවත පුරවා ගන්න. එම ප්‍රේමය අන් අය වෙත ගෙන යන්න.

ඔබ වහන්සේ හැම මොහොතකම මා සමග එන්න. මගේ අත් අල්ලාගෙන, කිසිම දා මා අත් හරින්න නම් එපා ජේසුනි, අතරමං වෙයි මා, ආසයි ජේසුනි, ඔබ වහන්සේ සමඟම ඉන්න, එවිට හැකිවෙයි ජේසුනි මට ඔබ වහ්නසේ මගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්න.මගේ වැරදි වලට සමාව දෙමිනි. හැකිවෙයි මට ජීවිතයේ හැබෑ අරුත වටහා ගෙන දිවි ගෙවන්න.

7GradeWriterWorkshopගයනි ජයවර්ධන - දංකොටුව

Jesustoday.lk 5 වන වසර 35 වන සතිය 2021 නොවැම්බර් 07 වන ඉරිදා 

 

Comments powered by CComment