අනුක්ගේ පළමු නව කතාව වු 2016 දී පළ කළ The Story of a Brief Marriage නව කතාවද සංහාරික යුද්ධයේ අවසන් අදියර පසුබිම් කොට ගෙන ලියවුණු නවකතාවක්.

 

ලෝකයේ සාහිත්‍ය සම්මාන අතර බ්‍රකර් සාහිත්‍ය ත්‍යාගයට (The Man Booker Prize) හිමිවන්නේ සුවිශේෂි තැනක්.

ඉංග්‍රීසි බසින් ලියැවෙන මහ බ්‍රිතානයේ හා අයර්ලන්තයේ ප්‍රකාශයට පත්වන නවකතා වෙනුවෙන් වාර්ෂිකව මේ ත්‍යාගය පිරිනැමෙනවා. ත්‍යාගයේ වර්ථමාන වටිනාකම ස්ටර්ලිං පවුම් 50000 ක්.

බුකර් සම්මානයට දැන් වසර 50 ක් ඉක්මවා තිබෙනවා. ඒ ඉතිහාසය තුළ විශිෂ්ඨමයා ලෙස සම්මානික වුණේත් ශ්‍රී ලාංකීක සම්භවයක් ඇති නව කතාකරුවෙකු වන මයිකල් ඔන්ඩච්චි. මයිකල් ඔන්ඩච්චිගෙන් පසු බුකර් සම්මානය සඳහා නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ අවස්ථාව මේ වසරේදි දිනාගත්තේ තවමත් 33 වන වියේ පසුවන අනුක් අරුද්ප්‍රගාසම්.

අනුක්ගේ දෙවන නව කතාව වන ශ්‍රී ලංකාවේ තිස් වසර සිවිල් යුද්ධය පසුබිම් කරගත් A Passage North මෙවර බුකර් සම්මානයේ අවසන් කෘති හයට ඇතුලත් වුණා.

A Passage North හී දිග හැරෙන්නේ කොළඹ පදිංචි ක්‍රිශාන් නමැති තරුණයෙකු සිය පවුලේ අවමංගල්‍යයකට සහභාගී වීමට කොළඹ සිට සංහාරික යුද්ධයකට ගොදුරු වූ උතුරට යාමේ අත්දැකීම් වටා යි.

ඇත්තටම මේ නව කතාව එහි රචක අනුක්ගේ ජීවිතයට සමීප බවක් එළ කරන්නේ යැයි ඇතැම් විචාරකයින් පවසනවා. මන්ද අනුක් ද ද්‍රවිඩ මව්පිය යුවලකට දාව 1988 දී කොළඹ ඉපදී හැදි වැඩුණු දෙමළ ජාතිකයෙක්.

අනුක් 18 වැනි වියේදි උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට සංක්‍රමණය වූ අතර තම ප්‍රථම උපාධියෙන් පසු වසරක පමණ කාලයක් තමිල්නාඩුවේ වාසය කර නැවත ඇමරිකාවට ගොස් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

අනුක්ගේ පළමු නව කතාව වු 2016 දී පළ කළ The Story of a Brief Marriage නව කතාවද සංහාරික යුද්ධයේ අවසන් අදියර පසුබිම් කොට ගෙන ලියවුණු නවකතාවක්.

එය ඒ වසරේ විශිෂ්ඨ කෘති අතර එකක් ලෙස විචාරකයින් අදහස් දක්වා තිබුණා පමණක් නොවෙයි එයට දකුණ ආසියානු සාහිත්‍ය වෙනුවෙන් පිදෙන ඩි. එන්. ඩී සම්මානය පවා හිමි වුණා.

මෙම නව කතා ද්විත්වයම සිංහල භාෂාවට පරිවර්තනය වේ නම් එය ඉතා වැදගත් වනු ඇති.

Jesustoday.lk 5 වන වසර 43 වන සතිය 2021 ජනවාරි 02 වන ඉරිදා  

Comments powered by CComment