ඇත්තටම මේ සියොතුන් කූඩු කරලා තිබෙන්නේ ළමා නිවාසවල පමණක් නොවේ. බොහෝ නිවෙස්වලත් පාසල් දහම් පාසල් වලත් ඔවුන්ව කූඩු කරලයි තිබෙන්නේ.

රියැලිටි තරුවක් වෙනකොට විශේෂයෙන් නව යොවුන් අය ජනප්‍රියත්වය සමඟ හැඟීමය අපචාරයට ගොදුරු වෙනවා. ආකර්ශනයක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බොහෝ වැරදිවලට යොමුවෙනවා.

ඇත්තටම දුකයි. ඌගේ හිනාව දකිනකොට මාරම දුකක් ඇති වෙනවා. අපිට උනත් එච්චරයි. මම නම් හිතුවා අම්ම කියපු දේ කොච්චර ඇත්තද ගහන එක නම් වීරකමක් නොවෙයි. ළමයි හදන ක්‍රමයකුත් නොවෙයි.

ඇත්තටම ඉතිං අපේ තාත්තාලා වගේ අයත් හඬක් නගන්නේ තමන්ගේ දූලා පුතාලා කැම්පස් යන්න බැරි වෙනවා වගේ තත්වයකදි විතරයි කියන දේ මට තේරුනා.

දහස් ගනන් මිනිසසු මැරෙන්නේ කොරොනා හින්දම නොවෙයි. නිසි සෞඛ්‍ය පහසුකම් නිසි ආහාර නැති නිසා. දුප්පත්ම මිනිසුන්ට එන්නත් නොලැබෙන නිසා. ඒ වගේ ලෝකයක එක් මිනිහෙක් මිනිත්තු 11 ක අභ්‍යාවකශ ගමන් සඳහා රු 5600 000 000  ක් වැය කිරීම මහා වික්‍රමයක් වන්නේ කොහොමද ?