කෝවිඩ් ඇති කරපු ක්‍රීඩාවේ නව යොවුන් අවැසිතාවයේ හිස්තැන වේගයෙන් පිරවෙලා තියෙන්නේ වීඩියෝ ගේම්වලින්. සැලකිය යුතු නව යොවුන් පිරිසකට ඔන්ලයින් ඉගෙනුම සඳහා ජංගම දුරකථන, ටැබ් ලබාදීම නිසා වීඩියෝ ගේම්වලට ඇති නැඹුරුව තවත් වර්ධනය වෙලා. මෙය ඇබ්බැහි වීමක් බවට පත්වෙලා.

මේ ක්‍රීඩාව මුළුමනින්ම ඇණ හිටපු කාලයක්. ව‍ෙනදාට අපි එකතු වුනාම ක්‍රිකට් අතක් ගහනවා. නැත්නම් වෙන මොනවා හරි කණ්ඩායම් ක්‍රීඩාවක් කරනවා.

නව යෞවනය කියන්නේ ක්‍රීඩාවේ දශකය පුංචි කාලේ ක්‍රීඩා කළත් ක්‍රීඩාව දැනුවත්ව අත්විඳිමින් ක්‍රීඩා කරන කාලය තමයි නව යෞවනය.

කෝවිඩ් 19 විසින් නව යොවුන් අපේ ජීවිතවලට දැමු සීමාවන් විසින් ක්‍රීඩාවේ සාමුහික චමත්කාරය අපේ ජීවිතවලට අහිමි කරලා

අයි. පී. එල්. වැනි වෘත්තීය ක්‍රීඩා ප්‍රේක්ෂකාගාර නැතිව සිදුවන්නේ ප්‍රේක්ෂකගාරය  රූපවාහිනිය මගින් නිවෙස්වල තිබෙන නිසා. ඇත්තටම නම් ඒවා ක්‍රීඩාවේ ව්‍යාජ නිමැවුම්. ක්‍රීඩාව මිනිස් සැමගේ උරුමයක් වනු වෙනුවට ක්‍රීඩාව වෙළඳ භාණ්ඩයක් කරපු ව්‍යාජ යථාර්ථයක්.

මේ ක්‍රීඩා දිහා බලන් ඉන්නවාට වඩා, වැදගත් ගේ ඇතුලට වෙලා හරි පැය බාගයක් ශාරීරික ව්‍යායාම් කරන එක. ඒක තමයි ක්‍රීඩාව ගැන දේව අභිමතය. සුපිරි ලාභය සඳහා වන ක්‍රීඩා වෙළඳපොළේ ප්‍රේක්ෂිත සහභාගීකයෙක් වීම නොවෙයි දෙවියන් අපෙන් බලාපොරොත්තු වන්නේ. එකතු වෙලා ක්‍රීඩා කරන එක.

කෝවිඩ් ඇති කරපු ක්‍රීඩාවේ නව යොවුන් අවැසිතාවයේ හිස්තැන වේගයෙන් පිරවෙලා තියෙන්නේ වීඩියෝ ගේම්වලින්. සැලකිය යුතු නව යොවුන් පිරිසකට ඔන්ලයින් ඉගෙනුම සඳහා ජංගම දුරකථන, ටැබ් ලබාදීම නිසා වීඩියෝ ගේම්වලට ඇති නැඹුරුව තවත් වර්ධනය වෙලා. මෙය ඇබ්බැහි වීමක් බවට පත්වෙලා.

මේ ඇබ්බැහි වීම මාරාන්තික බව දැන් ඔප්පු වෙලා තියෙනවා. ඕනෑම ඇබ්බැහි වීමක් මාරාන්තිකයි. ඒක විඩියෝ ගේම්වලදි විතරක් වෙනස් වෙන්නේ නෑ.

‘චනුත් 11 ශ්‍රේණියේ තාත්තා රැකියාව කරන්නේ පිට පළාතක. මාසයකට වරක් ගෙදර එන්නේ. අම්මා තමයි චනුත්වයි මල්ලිමයි බලාගන්නේ. ඔන්ලයින් පාඩම් ඉගෙනීමක් එක්ක චනුන්ට ජංගම දුරකථයක් ලැබෙනවා. මේක වීඩියෝ ගේම් එක්ක ඔහු පාන්දර දෙක තුන වන තුරු නිදි නෑ. උදේ නැගිටින්නේ දහවයට එකොළහට. පාඩම් අතපසු වෙනවා. මේ නිසා චනුත් හා අම්මා අතර ගැටුම් ඇති වෙනවා. අම්මා ෆෝන් එක බලෙන් වගෙන් තමාගේ අතට ගන්නවා. මේක ගැටුමක් වෙනවා. චනුත් අම්මව තල්ලු කරනවා. ඇයව ගිහින් කබඩ් එකේ කෙළවරේ වදිනවා. මැහුම් හයක් දාන්න ඔළුව තුවාල වෙනවා. අම්මට සිහි නැති වෙනවා. දවස් තුනක් ඉස්පිරිතාලේ ඉන්න වෙනවා. අම්මා ගෙදර එන්නේ කොරොනා හැදිලා. චනුත් මල්ලි විතරක් නොවෙයි වයසක ආච්චිත් කොරොනාවට ගොදුරු වෙනවා.

මේ එක අත්දැකීමක්. වීඩියෝ ගේම්වල මානසිකව වැදගත් දේවල් ඇත්තේම නැද්ද ? එහෙම ගේම් ස්වල්පයක් තිබෙනවා. ඒත් ඒ සඳහා වුනත් ඇබ්බැහි විම සුදුසු නෑ. අද ගොඩාක් ජනප්‍රිය වීඩියෝ ගේම් ප්‍රචණ්ඩත්වය කාමුකත්වය වගේ දේවල් වර්ධනය කරන්නේ.

චනුක්ගේ වීඩියෝ ගේම්, ඇබ්බැහිය අවසන් වන්නේ කොරොනා හැදුනු ආච්චි අම්මා මරණයට පත්වීමෙන්.

Jesustoday.lk 5 වන වසර 13 වන සතිය 2021 මැයි 30 වන ඉරිදා

 

Comments powered by CComment