නමුත් මේ වර්ගවාදී ප්‍රහාරය පිටුපස ඇත්තේ ජොන්සන්ලාම පසුගිය කාලයේ මතු කළ සුදු අධිපතිවාදය හා ‘බිත්‍රාන්‍ය 1’ Britain First වැනි ප්‍රචාරණ ව්‍යාපෘති.‍

 

ඇත්තටම හිරවෙලා, හිරවෙලා එපා වෙලා ඉන්න කොල්ලෝ පුංචි වෙනසක් හොයාගෙන සතුටක් ලැබුවේ දකුණු ඇමරිකාවේ හා යුරෝපා පාපන්දු කුසලාන තරග නරඹමින්.

ඉතාලිය හා එංගලන්තය අතර අවසාන තරගය නියම අවසාන තරගයක් තරගයේ නියමිත කාලය ඉවර වුනේ 1-1. සම ලකුණු තිව දඩුවම් පහර වටය කියන්නේ ක්‍රීඩකයින්ගේ විතරක් නොවෙයි නරඹන්නන්ගෙන් හුස්ම හිර කරවන අවස්ථාවක්.

කෝවිඩ් නිසා හිරවෙලා උන්නු නරඹන්නෝ තරගයට පෙර ක්‍රීඩාංගලනයට ඇතුළු ව්නන පොර කෑවා. 80 000 ක්ට ඉඩ ඇති ක්‍රීඩාංගනයට ඇතුළු කරගන්නේ 65000 ක් විතරයි. ඇතුළු වෙන්නේ බැරි අය පොලිසිය සමග ගැටුනා.

අවසානාවන්ත සිදුවීම වූණේ තරගය අවසානයේදී. ජයග්‍රාහී ඉතාලි නරඹන්නට ඇතැම් එංගලන්ත නරඹන්නන් පහර දුන්නා. ඒක ඉතා නින්දිත තත්ත්වයක්.

ඊටත් වඩා නින්දිත ප්‍රහාරය වුණේ දඩුවම් පහර අසාර්ථික කරගත් කළු හා මිශ්‍ර ජාතික එංගලන්ත ක්‍රීඩකයින්ට එරෙහිව එංගන්තයේ සුදු අධිපතිවාදින් දියත් කළ සමාජ මාධ්‍ය ප්‍රහාරය.

දඩුවම් පහර අසාර්ථික වූ එක් අයෙක්කු වූයේ අප්‍රිකානු සම්භාවයක් ඇති කම්කරු පවුලක දරුවෙක්. ඔහු තවමත් 23 හැවිරිදියි. වය 19 දි තම මංගල තරගයේ ගෝලයක් වාර්තා කර එංගලන්තයට කීර්තියක් දුන්නෙකු සේ එංගලන්ත පාපන්දු ලෝලින් වැළදගත් ක්‍රීඩකයෙක්.

මාක්ස්ගේ චරිතය වැදගත් වන්නේ ඔහු රටේ දුගී දුප්පත් කම්කරු ජනයා වෙනුවෙන් නිතර හඩ නගන සටන් කරන තරුවක් වන නිසයි.

එක් රැයක් තුළ ටුවිටර් පණිවුඩ 8 50 000 ක් පමණ වර්ගවාදීව මෙම කළු ජාතිකයින් හෙලා දකිමින් සමාජ මාධ්‍යයට එක් වූ තිබුණු අතර ටුවිටර් සමාගමට ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් කිරීමට පවා සිදුවූවා.

එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් මෙය හෙළා දකිමින් මේ ගැන ලැජ්ජා විය යුතු බව ප්‍රකාශ කළා.

නමුත් මේ වර්ගවාදී ප්‍රහාරය පිටුපස ඇත්තේ ජොන්සන්ලාම පසුගිය කාලයේ මතු කළ සුදු අධිපතිවාදය හා ‘බිත්‍රාන්‍ය 1’ Britain First වැනි ප්‍රචාරණ ව්‍යාපෘති.‍

එංගලන්තයේ මේ සුදු ආධිපතිවාදින් අමතක කරන්නේ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථමවරට ලෝක කුසලානය දිනාගන්න . ගිය වසරේ තීරණාත්මක අවසන් පන්දුවාරක් යැවුයේ මාකස් මෙන්ම තරුණ කළු ජාතික ක්‍රීඩකයෙකු වු ජොප්රා ආවර් කියන කාරණයයි.‍

එංගලන්ත නායක හැරිකොන් පවසා තිබුණේ ‘මෙහෙම කරන අය එංගලන්ත ක්‍රීඩා ලෝලින් නම් විය නොහැකි බවයි. ඔහු නොකියා කියන්නේ අනෙකාගේ දක්ෂතාවයට අත් පොළසන් දෙන මහත්තුරු නියම එංගලන්ත ක්‍රීඩා ලෝලින් බවයි.

ක්‍රීඩාව ක්‍රීඩාවක් පමණක් නොවී ජාතික අභිමානයත්, ජාතිවාදයත් පෝෂණය කරන මෙවලමක් වීම තුළින් ක්‍රීඩාවේ ජාතිවාදය තහවුරු වී අවසානයි.

මේ මනසම තමයි පාසල් පාසල් අතර ක්‍රීඩාවේ තියෙන්නේ. ඒ නිසා තමයි අපේ පාසලේ ක්‍රීඩා සමයන් තුළත් තාප්ප පුරා Who is the Best...... is the Best වැනි වැකි ලියැවෙන්නේ මේ ක්‍රීඩා ජාතිවාදය පාසල්වාදය ප්‍රදේශවාදය ගැන හිතන්න. නව යොවුන් අපිට මේක හොද අවස්ථාවක්.

Jesustoday.lk 5 වන වසර 20 වන සතිය 2021 ජූලි 18 වන ඉරිදා

Comments powered by CComment