රියැලිටි තරුවක් වෙනකොට විශේෂයෙන් නව යොවුන් අය ජනප්‍රියත්වය සමඟ හැඟීමය අපචාරයට ගොදුරු වෙනවා. ආකර්ශනයක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බොහෝ වැරදිවලට යොමුවෙනවා.

 

“රියැලිටි ෂෝ කියන්නේ දැන් ලංකාවේ එක්තරා ආගමක් වගේ”

මේ පාර අපේ නව යොවුන් සමිතියේ කතා බහ ඇති වුණේ රියැලිටි ෂෝ ගැන.

රියැලිටි ෂෝ වැනි පරණ මාතෘකාවක් අපේ කතාබහට එක්වුණේ අපේ මිතුරෙක්ගේ මිතුරෙක් නිසා.

එයා රියැලිටි තරුවන් වෙන්න සිහින මවන මේ දිනවල රූපවාහිනි චැනල් එකක යන රියැලිටි වැඩසටහනක තරග වැදී සිටින්නෙක්.

ඇත්තටම  එයත් අවුරුදු 19 ක ටීන් වරයෙක්.

“පොර මගේ බොක්ක. අපේ තාත්තාගෙන් බැනුම් අහගෙන තාත්තාව එක්කගෙන ගියා පොලිසියට ඌව බලන්න”

කොළඹ ජනප්‍රිය පාසලක සිසුවෙක් වන ඔහු දැන් ඉන්නේ පොලිස් අත් අඩංගුවේ.

රියැලිටි තරුවක් වෙනකොට විශේෂයෙන් නව යොවුන් අය ජනප්‍රියත්වය සමඟ හැඟීමය අපචාරයට ගොදුරු වෙනවා. ආකර්ශනයක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බොහෝ වැරදිවලට යොමුවෙනවා.

එයා අත් අඩංගුවේ ඉන්නේ 15 හැවිරිදි පාසල් සිසුවියක්ව බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීම පිළිබඳ සැකපිට. රියැලිටි තරු උන්මාදය නිසා සිසුවියන් මීට පෙරත් මෙවැනි සිද්ධින් රැසකට මුහුණ දුන් බව අපි මුලින්ම දැනගත්තේ මෑතක. අපිත් සම්බන්ධ වුණු සමාජ මාධ්‍ය හා නව යව්වනය කියන වැඩ සටහනේදී.

මතකද අර ස්ටාර් වගේ තරුණයාට පෙම් බැඳ ජීවිතයෙන් වන්දි ගෙවු ගෑණු ළමයා ගැන එදා කතා කළ දේශක තුමා කියු කතාව.

සශී ඒක මතක් කළා. ඇත්තටම ඒ වැඩ සටහනින් පස්සේ මගේ රියැලිටි උණ සෑහෙන දුරට හොඳ වුණා.

පාසල් ළමුන් රියැලිටි වැඩ සටහන් වලට යොදා ගැනීම ඇත්තටම ඔවුන්ව අපයෝජනයට ලක් කිරීමක්.

“අපේ ඉස්කෝලෙත් මෙය ගැන ප්‍රශ්නයක් වුණා. අපි හිටියෙන් කමක් නෑ කියන තැන. නමුත් ටික දවසක් යද්දී අපිටත් තේරුණා මේක අවුලක්. අපේ යාළුවන් පුදුම විදිහට වෙනස් වුණා.”

“ඇත්තටම දක්ෂයෙක් තෝරන්න මාස ගණන් පැය ගණන් නාස්ති කරමින් ක්‍රියා කරන්න ඕනී නෑ. ඒකට වෙනත් ක්‍රම තිබෙනවා. එහෙම තෝරලා දක්ෂයන්ව මාධ්‍යයෙන් හඳුන්වා දෙන්න පුළුවන්නේ. මේක තනිකම වෙළඳපොල උපක්‍රමයක්”

“මම මාරම දුක ඇන්ටි අංකලුයි ගැන. අංකල් ඇමරිකාවේ ඉන්නේ එකවුන්ටන් කෙනෙක්. ඇන්ටි ජෙනරල් හොස්පිටිල් එකක නර්ස් කෙනෙක්. මේක පත්තරේත් ගියා. අපේ අම්මා තමයි මට පත්තරේ පෙන්නුවේ අපේ අම්මටත් දුකයි”

“ඔයා දුක්වෙන්නේ ඔයාගේ යාළුවා ගැන. එතකොට ඒ ගෑණු ළමයා. එයා ගැන දුක නැද්ද ? සමහර විට ඔයාගේ යාළුවාට සල්ලි තියෙන නිසා බේරෙන්නත් පුළුවන්. එතකොට ලොකුම අවුල අර ගෑණු ළමයාට නේද ?
සශී, එහෙම කියන කල් ඇත්තටම අපි හිටියේ අපේ යාළුවාගේ යාළුවා ගැන හිතමින්."

රියලිටි නව යව්වනයන්ට කරන බලපෑම කොච්චරද ? ඒ ගැන දැනුවත් වෙන්න අපි තීරණය කළා.

Jesustoday.lk 5 වන වසර 34 වන සතිය 2021 ඔක්තෝම්බර් 31 වන ඉරිදා 

 

Comments powered by CComment