ඇත්තටම මේ සියොතුන් කූඩු කරලා තිබෙන්නේ ළමා නිවාසවල පමණක් නොවේ. බොහෝ නිවෙස්වලත් පාසල් දහම් පාසල් වලත් ඔවුන්ව කූඩු කරලයි තිබෙන්නේ.

 

තිලැස සංයුක්ත තැටියේ ගීතයක මුල් පද මගේ මතකයට ආවේ නිරාසයෙන්

“අහස අයිති සියොත් රෑන
කූඩු කරලා තරඟ දුවන
කාසි වාසි සිහින දකින
මනුසත් උයනේ
ජීවිතයේ විසල් අරුත
බිම වැටී තිබේ
ඇහිද යන්න දිරිය ගන්න
නංගි මල්ලියේ

මේ ගීත කාණ්ඩය මගේ මතකයට ආවේ පසුගියදා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශයට පත් කළ ළමා නිවාසගත ළමුන් පිළිබඳ සංගණයක තොරතුරු දෙස බලද්දී

“මේ රටේ ළමා නිවාසගත ළමුන්ගෙන් 80%ක් ම නව යව්වන යව්වනියන්.“

නැවත අර ගීතයට ගියොත් නව යව්වන යව්වනියන් කියන්නේ අහස අයිති සියොතුන්. විකසිතවන මල් සමයට පිවිසෙන දරුවන්.
ඇත්තටම මේ සියොතුන් කූඩු කරලා තිබෙන්නේ ළමා නිවාසවල පමණක් නොවේ. බොහෝ නිවෙස්වලත් පාසල් දහම් පාසල් වලත් ඔවුන්ව කූඩු කරලයි තිබෙන්නේ.
මේ කූඩු කිරිම නිසා ලංකාවේ අනාගතය අඳුරු වීම වළක්වන්න බෑ.

“ලංකාවේ ළමා නිවාස ගත ළමුන්ගෙන් 62% ක්ම ගැහැනු ළමයි ”

මෙයත් අතිශය බරපතළ ප්‍රශ්නයක් අනාවරණය කරනවා. ගැහැණු ළමයි නිවාසගත කිරීම ගැන වැඩි අවධානයක් යොමුවන්නේ ඔවුන්ගේ ආරක්ෂාව කියන කාරණය මත. නමුත් පිරිමි ළමයි වඩා නිදහස් ලෙස සමාජය තුළ සිටීමත් සමඟ ඔවුන් සමාජය තුළ විෂමචාරවලට ගොදුරුවීම ඉහළ ගිහින්.

නව යව්වනයට අදාල තවත් බරපතළ ප්‍රශ්නයක් මේ සංඛ්‍යා දත්ත හරහා මතු වී පෙනෙනවා.

ඒ තමයි

“මෙරට ළමා නිසාගත ළමුන්ගෙන් 8.4% ක් බාල වයස්කාර මව්වරුන්ට උපන්, දරුවන් වීම හා 12% අවිවාහක මව්වරුන්ට උපන් දරුවන් වීම.”

බාල වයස්කාර මව්වරු හෙවත් ළමා මව්වරු යනු නව යව්වනියන්. ඔවුන්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතත් පත්වන ඛේදය මේ තුළින් මතු ව පේනවා.

අනිත් කාරණය තමයි

“ළමා නිවාසගත ළමුන්ගෙන් හැම දහ දෙනෙකුගෙන්ම එක් අයෙක් එක් වරක් හෝ කායික / මානසික ලිංගික හිංසනයට ලක් වෙලා”

මේ නව යව්වන යව්වනියන්ට ජීවිතය කියා දෙන්න වැඩ කරන පිරිස හරීම සීමිතයි. ඒ වගේම ඔවුන්ට ජීවිතය කියා දෙන ගීතත් හරි අඩුයි. පියරව සාමුහිකයේ ඉහත දැක්වු ගීතයේ ඊළග කොටස ඒ ශක්තිය ලබා දෙන්නේ මෙහෙමයි.

වැටුණු තැනින් නැගිටිනු මිස
නැගිට නැගිට යළි යනු මිස
හෙට දවසට පහසු මගක්
නෑ මේ ලෝකේ

නව යව්වන යව්වනියන් ලෙස අප මේ නිවාසගත අපේ සොයුරු සොයුරියන් ගැන සිතිය යුතුමයි. යමක් කළ යුතුමයි.

Jesustoday.lk 5 වන වසර 38 වන සතිය 2021 නොවැම්බර් 28 වන ඉරිදා   

Comments powered by CComment