This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නූතන ලාංකීය කවියේ පුරෝගාමි කවියා මහගම සේකරයන්ය. ඔහු සර්ව කාලීන නිර්මාණ බිහි කළ මානව හිතවාදියෙකි. සෞන්දර්යවාදියෙකි. සැබෑ කලාකරුවෙකි.

එතුමාගේ 38 වන ගුණ සැමරුම ජනවාරි මාසයට යෙදි තිබිණි. ඒ නිමිත්තෙන්  එතුමා මව ගැන ලියු නිදහස් කවියක් ඇසුරු කරමු.

මේ එතුමාගේ අග්‍ර නිර්මාණ එකතුව සේ සැලකෙන ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් හා මුසු කොට කවා
බඩගිනි නිවු අම්මා ඔබය.

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම්
ජංගි ඇන්දු අම්මා ඔබය.

ගල්වා හිසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලාගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබය.

ඇවිද ලඳු දෙණි කැළෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුල් සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිටම මට
කියා දුන් අම්මා ඔබය.

සාමාන්‍යයෙන් නිතර කියැවෙන දස මාසේ කුසේ දැරු, ලේ කිරි කර පෙවු ආදි සුලභ වචන මහගම සේකරයන් මෙහිදි භාවිතා නොකරන බව ඔබට පෙනෙනවා ඇති. නව යොවුන් දරුවෙක් දැරියක් ලෙස ඔබට සේකරයන් සේ ඔබේ අම්මා ගැන, ඔ‍බේ තාත්තා ගැන සුලභ වචනවලින් තොරව ඔවුන්ගේ සුවිශේෂිතාවය මතු කරන කවියක්, රචනයක්, සටහනක් ලියන්නට පුළුවන්ද ?

ඒ සදහා උත්සහ කරන්න.

ඔබ ලියු දෑ පහත ලිපිනයට ඊමේල් කරන්න.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

Jesustoday.lk 5 වන වසර 45 වන සතිය 2021 ජනවාරි 16 වන ඉරිදා

Comments powered by CComment