Print

Phone එකේ පාඩම්වලට, රස්සාවට අදාල කටයුතුවල යෙදිලි විවේකයක් සඳහා Phone එකේම වීඩිියෝවක් බැලීම විවේකයක් ගැනීමක් නොවෙයි. ආතතීයෙන් මිදීමක් නොවෙයි. ඔබ තව තවත් ෆෝන් එකටම බැදි සිටීමක්. ඔබත් එසේ කරනවාද ?

Smart තාරුණ්‍යයේ යථාව

බලමු විනිශ්චය කරමු ක්‍රියා කරමු – 2

ගියවර  අපි Friends ලා Friend list ගැන කෙටියෙන් විමසා බැලුවා. එහිදි අපි උපුටා ගත්තේ ඇමරිකානු රැප් ගායික සමාජ ක්‍රියාධර රිචඩ් විලියම්ස්ගේ වීඩියෝවක කොටසක්. මෙවරත් අපි ඔහුගේ වීඩියෝවේ අදහස් කීපයක් එක්ක අපේ Smart තාරුණ්‍යය ගැන එබි බලමු.

ඔහු මෙහෙම කියනවා

“ඔබ දන්නවාද සාමාන්‍ය මිනිහෙක් ඔහුගේ ජීවිත කාලෙන් අවුරුදු 4 ක කාලයක් ෆෝන් එක දිහා බලන් ඉන්නවා කියලා.......

ඔබට දැනෙන්නේ නැද්ද අපේ ජීවිතය යකඩ හා ප්ලාස්ටික් ගොඩකට ඇබ්බැහි වු ගතියක් තිබෙන බව.... මේ ෆෝන් එක්ක අපේ තිබෙන ටච් එක නිසා අපි අපෙන් කොච්චර දුරස් වෙලාද කියලා ඔබට දැනෙනවාද ? ."..

පුදුම වෙන්න දෙයක් නෑ. දැන් තිබෙන්නේ iPhone, iMac   නිසා මේ හැම එකකම තියෙන්නේ "I" ගොඩක් විතරයි. Selfles වල තියෙන්නේ ‘මම’ යන හැගීම විතරයි. එතන ‘අපි’ නැහැ බලන්න තාක්ෂණය අපිව කොච්චර ආත්මාර්ථකාමි සහ දුරස්ථ කරලද ?"

අද අපි තරුණ අපේ ගැඹුරු යාච්ඥානාවට මේ අදහස් එකතු කර ගමු. බැලීම, විනිශ්චය, ක්‍රියාව යන ‍තෙයාකාර ක්‍රමවේදයට අනුව අපි මේ අභ්‍යාසයේ යෙදෙමු.

කොළයක් අරගෙන මේ ප්‍රශ්ණවලට පිළිතුරු ලියන්න.

- පසුගිය සතිය තුළ ඔබ Phone එක සමග ගත කළ කාලය කොපමණද ?

- එය සතියේ පැය ගණනින් (පැය 168) කොපමණ ප්‍රතිශතයක්ද ?

- ඒ අනුව ඔබගේ ජීවිත කාලයෙන් ඔබ කොපමණ Phone එක එක්ක සිටිනවාද ?

- දෙවියන් ඔබට ජීවිතය දීලා තිබෙන්නේ ඔය තරම් කාලයක් Phone එක එක්ක ගත කරලා මැරිලා යන්න ද ?

විනිශ්චය

ඔබ ෆෝන් එකට ඇබ්බැහි වූවෙක්ද ?

අවංකව විනිශ්චයකට එළඹීම ඉතා වැදගත්.

මේ ලක්ෂණ තිබේ නම් ඔබ නිසැකවම ඇබ්බැහි වූවෙක්.

- ඔබට නිතර ෆෝන් එක අතේ තියාගන්න ඔිනි වෙනවා.
- පුංචි ඉඩක් ලද විගස ෆෝන් එක අතට ගන්නවා
- ෆෝන් එක අක්‍රීය වුනොත් ඔබට ඒක ලොකු ප්‍රශ්නයක්
- ඔබ ෆෝන් එක එක්ක ගත කරන කාලය ලොකු කාලයක්
- කෙනෙක් එක්ක කතා කරද්දී පවා ඔබට ෆෝන් එක බලන්න ඕනි.

අද ලෝකයේ තිබෙන විශාලම ඇබ්බැහි වීම තමයි ජංගම දුරකථන ඇබ්බැහිය. අද ලොකුම මානසික රෝගී ත්තවය එයයි. “ජංගම දුරකථන ඇබ්බැහි වීමේ ව්‍යාකූල මානසිකත්වය” මේ ත්තවයට ඔබ ගොදුරු වෙලාද ?

පහත දෑ විමසා බලා විනිශ්චය කරගන්න.

- ඔබට ෆෝන් එක නැත්නම් සාංකාවක් දැනෙනවා.
- ඔබ ෆෝන් එක සමග ඉන්නැද්දී කව්රු හෝ බාධා කළොත් ඔබට තරහ යනවා.
- ඔබගේ දෙ‍ෙනික කටයුතු හොඳටම මග හැරෙනවා
- රාත්‍රී නින්දට පමා වෙලා යනවා. දහවල් තෙක් නිදාගන්නවා.
- පොත් කියවීම, වෙන වැඩවල නිරතවීම අඩුවෙලා.
- ඕනෑම කාර්යයක් අතරතුරුත් ඔබ ෆෝන් එක දිහා බලනවා. ඒ කාර්යයට මුලු අවධානය දෙන්න බැ.
- ඔබගේ ඉගෙනීම් වෘත්තිය කටයුතුවල ඔබ දුර්වල වෙලා. ඒවා තුළ ඔබේ උපරිමය නොවෙයි ඔබ කරන්නේ.
- ඔබට සාමුහික කටයුතු සඳහා පෙළඹිවම්ක් නෑ.
- ඔබ ‘ඔබ’ ගැන වැඩිපුර හිතන කෙනෙක් වෙලා ඔබේ තෘප්තිය ඔබට ප්‍රමුඛයි.
- යාලු මිතුරන් සජීව්ව මුහුණට මුහුණ හමුවීමට ඔබ උදාසින වෙලා. ගේ ළග ඉන්න යාලුවෙක්ව උනත් සෑහෙන කාලයකින් හමුවෙලා නෑ. ඒ හමුවීම් අඩුවෙලා.
- දෛනික කටයුතු අතපසු වීම තුළ ඔබ ඉන්න තැන නිතර ගැටුම් ඇති වෙනවා. ඇනුම් බැනුම් හුවමාරු වෙනවා.
- සබඳතා දුරස්වෙලා. ලංවෙලා නෑ.
- ෆෝන් එක අත ළගට තියෙන්න ඕනි. නිදාගන්න ඇද ලග, ඇද උඩ ෆෝන් එක තියෙන්න ඕනි.

ඉහත ලකුණු සියල්ල ජංගම දුරකථන ඇබ්බැහිවීමේ සංකුලතාවය නම් රෝගී තත්වයේ ලක්ෂණ. ඔබට මේ තත්වයේ ගොදුරක් නම් ඔබ ජීවිතය නාස්ති කරගනිමින් ඉන්නේ. කළ යුත්තේ කුමක් ද ?
ලබන කලාපයට........

Jesustoday.lk 5 වන වසර 7 වන සතිය 2021 අප්‍ර‍ේල් 18 වන ඉරිදා