සියල්ල කෙටි වෙද්දි සබඳතාත් එහෙමයි. විවාහය පවා එතකොට ජීවිතයට පමණක් ඒකෙන් මිදෙන්න පුළුවන්ද ? බෑ. ජීවිතය ඉබේම කෙටි වෙනවා.

බලමු විනිශ්චය කරමු. ක්‍රියා කරමු 3

කෙටි වීම වසංගතයක්

I පරම්පරාවක තරුණ තරුණියන් ලෙස අපව වේගයෙන් අනුගත කරගන්නා ඩිජිටල් ලෝකය ගැන ආත්ම සෝදිසියක යෙදෙන මේ පුංචි විවරණයේ අද අපේ විමසුම ‘කෙටි’ වීම ගැනයි.

හැම තැනින්ම ඇහෙන්නේ දිග වැඩියි. පුළුවන් තරම් කෙටි කරමු කියන හඬ. විනාඩි දහයක් පහලොවක් කතා කළාම කෙටි විරාමයක් අවශ්‍යයයි. නැත්නම් ‘ඒක බෝරින්’

මේක ඇත්තක්ද ?

ඩිජිටල් වෙළඳපොළ ලෝකය අප හිත්වලට පටවපු දෙයක් ද?

බිලියන හතකට වඩා ජීවත්වන ලෝකයක වුවමනා මිලියන ගණනක් පැටව් ගසනවා. ‘දිගු’ වීම වෙළඳ පොළට බාධාවක්. දිගු චිත්‍රපටි බලන එක අවුලක්. එතකොට දහස් ගණනකට චිත්‍රපටි පාරිභෝගිකයින් අහිමි වෙනවා. පුංචි ඇඩ් දහස් ගණනකට රූපවාහිනි තිරවල ඉඩකඩ දෙන්න අවශ්‍යයි. තිරය වටාම ඇඩ්. රූප රාමුව පොඩි වෙලා. සියල්ල කෙටි වෙද්දි සබඳතාත් එහෙමයි. විවාහය පවා එතකොට ජීවිතයට පමණක් ඒකෙන් මිදෙන්න පුළුවන්ද ? බෑ. ජීවිතය ඉබේම කෙටි වෙනවා.

අපි ගිය සති දෙකේම උපුටා ගත්තු රිචඩ් විලියම්ස්ගේ can we Auto correct Humanity යූ ටියුබ් විශේෂාංගයේ කොටසක් අදත් අප උපුටා දක්වනවා.

“අපි Computers ඉස්සරහ වාඩිවෙලා, වැඩි වන likes, followers ගණන බලලා අපේ වටිනාකම මැන ගන්න හදන්නේ, අපිට ඇත්තටම ආදරය කරන අයව අමතක කරලා, අපිව සැබැවටම හඳුනාගත්ත අපිව බදාගන්න කෙනෙක් එක්ක කතා කරනවා ඇරෙන්න කරන්න තියෙන හොඳම වැඩේ angry post එකක් දාන එක."

මම මේ කියන්නේත් බොරුද ? ඔයාම කියන්න මට, මම එක්තරා දවසක යාළුවෙක්ගෙන් ඇහුවා, “අපි මූණ ගැහෙමුද ?” කියලා. එතකොට එයාගේ පිළිතුර වුණේ “හරි ඔයාට කීයටද Skype එන්න පුළුවන් කියලා ? මම ඒකට පිළිතුරු දුන්නේ, omg, srs, smh වලින් මට විතරද කෙටි කිරිම්වලින් තොරව කතා කරන්න ඉවසීම නැත්තේ, මේ තමයි සජිවිකරණයෙන් Stimulation එහා ගිය මාධ්‍ය පරම්පරාව.

chats දැන් snapchat වෙලා

news එකක් snapchat 140 ට සිමා වෙලා

videos තත්. 6 න් ඉවරයි

ඔබ හිතලා බලන්න ඇයිADD,4G LTE වලටත් වඩා වේගවත් කියලා නමුත් මේකත් දැනගන්න. සමීක්ෂණවලට අනුව සාමාන්‍ය වැඩිහිටියකු අවධානය රඳවා තබා ගන්නා කාලය, gold fish අවධානය රඳවාගන්නා කාලයට වඩා තප්පරයක් අඩුයි.

එසේ නම් ඔබ මම Videos close කරන්න හදන සුළුතර මිනිසුන්ගෙන් කෙනෙක් හෝ ජලජ ජීවින්ගේන් කෙනෙක් නම් මගේ සුභපැතුම් ඔබට අවස්ථාව තියෙනවා.

ඉතිං බොහෝ දේ කෙටී වීම ගැන ගැඹුරින් හිතලා බලන්න. කෙටි වීමේ වසංගයට ඔබ ගොදුරු වෙලාද ?

ඉතිරිය ලබන සතියට...

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

Comments powered by CComment