ඔබේ වයස සිහියට නඟා ගන්න. ඇත්තටම ඔබට පවුලට සමාජය දැනෙන බලපාන්න යමක් මේ වයසට (විශේෂයෙන් තරුණ ජවයෙන්) ඔබට කළ යුතුව තිබෙනවා. එත් එහෙම කරලා නැ. එහෙනම් ඉදිරි මාස හයක් අවුරුද්දක් ඇතුලත ඔබගේ හැකියාවන්ගෙන් එකක් යොදා ගෙන දැනෙන යමක් කරන්නත. නිර්මාණයක් කරන්න සමාජ සද්කාර්යයක් කරන්න. ඒ ඉලක්කයට වැඩ කරන්න. ඒ සඳහා සැලසුමක් හදන්න. වැදගත්ම දේ ඔබට අත්වැලක් විය හැකි අයවළුන් සමඟ එකතුව කටයුතු කරන්න.

ජිවිතය Auto Correct නොවේ.

අපි පසුගිය සති තුනේම මෙනෙහි කළේ බැලුවේ, විනිශ්චය කළේ ඩිජිටල් තාරුණ්‍යයේ යථාව ගැන. ඒ සියලු මෙනෙහි එකතු කරලා ඔබේ ක්‍රියාව මොකක්ද කියලා තිරණය කළේ නැත්නම් ඔබට ඇත්ත ජිවිතය මඟ හැරෙනවා. ඒක කළ යුත්තේ ඔබමයි. I phone වල, computer වල බොහෝ ස්මාට් උපාංග වල ස්වයංක්‍රීයව ඉබේ නිවැරදි වීම් (Auto correct) තිබුණාට ජිවිතයේ එහෙම වෙන්නේ නැ. මෙන්න මේ ඇත්ත අපේ මෙම ලිවිමට උපකාර කර ගත්තු රිචඩ් විලියම්ස් මෙහෙම කියනවා.

’‘නමුත් මේක ඉබේ හරියන (auto Correct) දෙයක් නොවේ මිත්‍රයා, තමන්ව පාලනය කරගෙන හෝ තමන් පාලනය වෙලා, මේක අපි විසින්ම කළ යුතු දෙයක්. තීරණය කරන්න.

මම තව දුරටත් වටිනා අවස්ථවක් Video කර කර ඉන්නේන නැහැ. මම ඒ අවස්ථාව විඳිනවා.

මම තව දුරටත් වටිනා මගේ කෑම වේල්වල් 4toes ගහ ගහ ඉන්නේ නැහැ. මම ඒ කිසිදෙයක් නොකර කනවා.

මම තවත් අලුතෙන්ම එන App එක, Software එක Update එක ඕනෙ නැහැ. මට පරණ Photo එකක් Upload කරන්න ඕන නම්, කවුද කියන්නේ මම ඊළඟ බ්‍රහස්පතින්දා වෙනකම් ඉඳලා එක throwback photo එකක් විදියට කරන්න ඕනෙ කියලා. ප්‍රයෝජනයක් නැති (Worthless) (වටිනාකමක් නැති) දේවල් ලෝකෙට පෙන්වලා මට ඇතිවෙලා තියෙන්නේ.

ලෝකෙ දැන් හිස නමාගෙන ඉන්න මේ digital උමතුවට අනුව නම් ඔබ මට පිස්සෙක් කියලා කතා කරයි. නමුත් මම පතන්නේ 4n එකේ battery low වෙත්දිත් හිනාවෙලා ඉන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකයක්. මොකද ඒකේ සැබෑ අරුත නම්, මිනිස්සු තව එක bar එකකින් මනුෂ්‍යත්වයට ළංවන බවයි.

Auto Correct නොවන ජිවිතයේ මනුෂ්‍යත්වයට දශමයකින් ලංවෙන්න, අවම වශයෙන් ඔබ ඔබේම ජිවිතයට ආදරය කරන්න ඔබ ගතයුතු තිරණ ගොඩාක් තිබෙනවා. පමා නොවි ඒ තීරණ ගන්න.

  • Friend List එකක් තිබුණට ඇත්ත මිත්‍රත්වයක් නැත්නම් ඇත්ත මිත්‍රයෙක් බවට ඔබ පත්වෙන්න.
  • ඔබ ෆෝන් එකට අන්තර්ජාලයට විඩියෝ ගේම් එකට ෆේස්බුක් එකට ලොකු හරයක් නැති පරිභෝජන සමාජයට අවශය මනස හඳන විඩියෝවලට, නාට්‍යවලට ඇබ්බැහි වෙලා නම් ෆෝන් එක මාස කීපයකට ඉවත් කරලා හරි ඇබ්බැහියෙන් මිදෙන්න.
  • ඔබේ වයස සිහියට නඟා ගන්න. ඇත්තටම ඔබට පවුලට සමාජය දැනෙන බලපාන්න යමක් මේ වයසට (විශේෂයෙන් තරුණ ජවයෙන්) ඔබට කළ යුතුව තිබෙනවා. එත් එහෙම කරලා නැ. එහෙනම් ඉදිරි මාස හයක් අවුරුද්දක් ඇතුලත ඔබගේ හැකියාවන්ගෙන් එකක් යොදා ගෙන දැනෙන යමක් කරන්නත. නිර්මාණයක් කරන්න සමාජ සද්කාර්යයක් කරන්න. ඒ ඉලක්කයට වැඩ කරන්න. ඒ සඳහා සැලසුමක් හදන්න. වැදගත්ම දේ ඔබට අත්වැලක් විය හැකි අයවළුන් සමඟ එකතුව කටයුතු කරන්න.
  • හැම දේම කෙටි විය යුතුයි. කෙටි කෑම, කොටි වැඩ සටහන්, කෙටි කෙටි කෙටි,  ක‍ෙටි වීමේ වසංගතයෙන් මිදෙන්න.
  • හැම දේම වේගවත් විය යුතුයි. ෆාස්ට් ෆුඩ්ස්. වේගවත් ඉක්මන් හදිසි වීමේ වසංගතයෙන් මිදෙන්න.
  • ඔබේ ජිවිතයේ අපේ රටේ අපේ ලෝකයේ කාලයක් සමඟ හරියයි කියලා හිතපු ඒත් හරි නොගිය වඩ වඩාත් නරක අතට හැරෙන දේවල් කොච්චර තියෙනවද? පොඩ්ඩක් හිතන්න Auto Correct නොවන දේවල් නිවැරදි කරන්න ක්‍රියා කළ යුතුයි.

ඉතිං ක්‍රියා කරන්න.

Jesustoday.lk 5 වන වසර 9 වන සතිය 2021 මැයි 02 වන ඉරිදා 

 

Comments powered by CComment