දේශගුණ විපර්යාස යනු අපගේ ජීවිතයේ සෑම අංශයකටම බලපාන බියකරු සිහිනයකි. මෙම අර්බුදය ගැන අවධානය නොදෙමින් දුප්පත්කම තුරන් කරන්නේ කෙසේද ? දේශගුණ විපර්යාස නිසා මිලියන ගණන් ජනයාට කෑමට කිසිවක් නැති වන්නේ නම් අපට කුසගින්න තුරන් කළ හැක්කේ කෙසේද ? මෙය ජීවිතය හා මරණය පිළිබඳ කාරණයකි.

2021 පෙබරවාරි මාසයේදි සුප්‍රකට ටයිම් සඟරාව විසින් ඉදිරියේදි ලෝකයට බලපෑමක් කරන පුද්ගලයින් 100 දෙනා (Time 100 Next ) ලෙස නම් කර වැනෙසා නකාතේගේ වයස තවමත් අවුරුදු 25 කි.

2021.05.07.06

ඇය උපත ලැබුවේ 1996 නොවැම්බර් 11 වනදා උගන්ඩාවේ කම්පාලා නුවරදීය. මැකාරේ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන (අලෙවිකරණ) විශේෂ උපාධිය ලබාගත් ඇය පරිසර ක්‍රියාධාරියක ලෙස වෙනත් භූමිකාවට පණ පොවමින් සිටින්නීය.

එයට හේතු වූයේ කුමක් ද ? අප සියළු දෙනාම අත්දකින දේශගුණික විපර්යාස පිළිබඳ ඇගේ සංවේදිතාවයයි. තමා ජීවත්වන කම්පාලා නුවරත්, තම රටවන උගන්ඩාවේත් උෂ්ණත්වය දිගින් දිටගම ඉහළ යන බව ඇගට පතට දැනෙද්දී ඈ "මාර රස්නයක් තියන්නේ" කියන පොදු ප්‍රතිචාරයෙන් සෑහිමකට පත්වූයේ නැත. ඒ වෙනුවෙන් යමක් කළ යුතු බවත් එය තමා විසින්ම කළ යුතු බවත් ඈට දැනුනාය.

තම උපාධිය අතර තුරම ඒ පිළිබඳව අධ්‍යයනය කළ ඇය 1988 දෙසැම්බර් මාසයේදී ඇගේ ප්‍රසිද්ධ ක්‍රියාකාරිත්වයන් ආරම්භ කළාය.

ග්‍රේටා තුම්බර්ග් සේ වැනේසා ද තම අරගලය ආරම්භ කළේ හුදකලාවමය. තනිවමය. ඉන්පසු ඇය උගන්ඩා පාර්ලිමේන්තුවේ පිටත තම විරෝධතාවයක නිරත වූවාය. ඒ අතර තවත් තරුණ තරුණියන් ඊට එක් විය. ඉන් දිරිගත් වැනේසා සමාජ මාධ්‍ය හරහා අප්‍රිකානු කලාපයේ කොංගෝ වැසි වනාන්තර මුහුණ දී ඇති දුක්ඛීත ඉරණම ගැන ක්‍රියා කිරිමට ඉල්ලීම් කළාය. ඒ ඉල්ලීම්වලට ලැබෙන යහපත් ප්‍රතිචාරය මත ඇය ‘අනාගත අප්‍රිකාව සඳහා යව්වනය’ නම් ව්‍යාපාරය ආරම්භ කළාය. ඊට සමගාමිව අප්‍රිකාව පදනම් කරගත් නැගිටීම් ව්‍යාපාරයක් ආරම්භ විය.

මෙහි ප්‍රතිඵලය වූයේ 2019 දෙසැම්බර් මාසයේදී ස්පාඤ්ඤයේ පැවැති COP 25 සමුළුවේදීඑය ඇමතු තරුණ තරුණියන් අතලොස්ස අතරට එක් වීමට ඇයට අවස්ථෘව ලැබීමයි. ඒ අවස්ථාව ධනාත්මක ලෙස භාවිතා කළ ඇය එහී සහභාගීකයින්ට 2002 ට ජනවාරි මුලදි ලිපියක් ලැබීමෙන් ලොව පුරා සිටින දේශගුණික යුක්තිය උදෙසා ක්‍රියා කරන තරුණ තරුණියන් 20 දෙනෙකු පමණ එක් කරගනිමින් චාවොස් හි පැවැති ලෝක ආර්ථීක සමුළුවට සමගාමීව පොසිල ඉන්ධන නිශ්පාදනයට සහනාධාර ලබා දීම නතර කිරිම සඳහා ආයතනවලට බලපෑම් කිරිමේ ව්‍යාපාරයක් දියත් කරන ලදී. ඩාවොස් හී කඳවුරු බදිමින් කරන ලද විරෝධතා ව්‍යාපාරයට ආරාධනා කරන ලද ජාත්‍යන්තර නියෝජිතයින් පස් දෙනාගෙන් එක් අයෙකු වූයේ ඇයයි.

2020 දී ඇ ඩෙස්මන් ටුටු ජාත්‍යන්තර සාම දේශනයට එක් වූවාය. එහිදි ඇය මෙසේ පැවසුවාය.

“දේශගුණ විපර්යාස යනු අපගේ ජීවිතයේ සෑම අංශයකටම බලපාන බියකරු සිහිනයකි. මෙම අර්බුදය ගැන අවධානය නොදෙමින් දුප්පත්කම තුරන් කරන්නේ කෙසේද ? දේශගුණ විපර්යාස නිසා මිලියන ගණන් ජනයාට කෑමට කිසිවක් නැති වන්නේ නම් අපට කුසගින්න තුරන් කළ හැක්කේ කෙසේද ? මෙය ජීවිතය හා මරණය පිළිබඳ කාරණයකි. අප ලෝක නායකයින්ගෙන් බලකර ඉල්ලා සිටින්නේ ඔබ මේ අර්බුදය පිළිබඳ මෙතෙක් කිසිවක් කර නැත්නම් කරුණාකර ඔබගේ සුවපහසු කලාප අතහැර අප සිටින බියකරු අන්තරාය දැක ඒ ගැන යමක් කරන්න”

දේශපාලන දැක්ම

වැනේසාගේ විශේෂ ලක්ෂණය වන්නේ ඇය ඇගේ වයසේ අනෙකුත් ක්‍රියාධරයන්ට වඩා තියුණු දේශපාලන දැක්මකින් පරිසර ප්‍රශ්නය දෙස බැලීමයි. පාරිසරික විනාශය ප්‍රධාන කර්තෘකාරකය ධනවාදය බව ඇය සෘජු හා පැහැදිලි ලෙස ප්‍රකාශ කරන අතර ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන ප්‍රවාහය තුළ ඇය ස්ථානගතව සිටි.

ඇය ප්‍රශ්නය දකින්නේ හුදු පරිසර ප්‍රශ්නයක් ලෙස නොවේ. ගැඹුරු ආර්ථීක ප්‍රශ්කයක්ද වශයෙනි.

“මගේ රට කෘෂි කර්මාන්තයේ මත ගැඹුරින් රැඳී සිටින රටක්. ඒ නිසාම අපේ ජනතාව කෘෂි කර්මාන්තය මත යැපෙනවා. ඉතිං දේශගුණ විපර්යාසවල ප්‍රතිඵල ලෙස අපේ ගොවිපළවල්, වගාබිම් ගංවතුරට විනාශවූවහොත් එසෙත් නැත්නම් ඒවා නියඟයෙන් විනාශ වූවහොත් එසෙත් නැත්නම් කෘෂි නිෂ්පාදන අඩුවුවහොත් ඉන් අදහස් වන්නේ ආහාර මිළ ඉහළ යන බවයි. එවිට ආහාර මිලදි ගත හැක්කේ වරප්‍රසාලත් ටික දෙනෙකුට පමණයි. ඒ ටික දෙනා යනු අප රටේ විශාල වශයෙන් පරිසරට අහිතකර වායු හා වෙනත් දැ විමෝචනය කරන්නක්. නමුත් ආහාර අර්බුදයෙන් බේරිමට හැකි වන්නේද ඔවුන්ටමය. නමුත් ග්‍රාමීය ජනයාටත්, දුප්පත් ජනයාටත් ඉහළ මිළ ගණන් නිසා ආහාර ලබා ගැනීම දුෂ්කර වේ. එහි ප්‍රතිඵලය කුමක්ද ? සාගින්නට හා මරණයට මඟ පෑදීමයි."

මාධ්‍ය ජාතිවාදයට එරෙහිව

2020 ජනවාරියේදි ඇසියේටඩ් ප්‍රේස් (AP) විසින් ලෝක ආර්ථික සංසදයට සහභාගී වු පරිසර ක්‍රියාධරයින් ක්‍රියාධරියන් පිළිබඳ පළ කළ ඡායාරූපයක් හා වාර්තාවක් පිළිබඳ අදහස් දක්වමින් වැනේසා මාධ්‍යයේ ජාතිවාද ආකල්ප සහිත වාර්තාකරණයක් ඇති බවට චෝදනා කළාය. එයට සම්බන්ධ වූ සුදු ජාතික තරුණ ක්‍රියාධරයන් හතර දෙනා පමණක් ඇතුලත් ඡායාරූප (AP) පල කලාය. ඇසෝසියේටට් ප්‍රෙස් පසුව ඡායාරූපය වෙනස් කළ නමුත් සමාව අයදීමකින් තොරව වැරදි චේතනාවකින් තොරව තමන් එය පළ කළ බව හඟවන සටනක් පමණක් තැබිය. වැනෙසා මෙසේ කීවාය.

"(AP) ගේ ප්‍රකාශය හා සමාව ඉල්ලීම මා විශ්වාසකරන්නේ නෑ. මෙම සිදුවීම මට පෞද්ගලිකව රිදවා ඇති තරමට අප්‍රිකානු ක්‍රියාකාරින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිම නිසා මම සතුටු වෙමි. සමහර විට මාධ්‍ය ක්‍රියාකරනු ඇත්තේ අප දේශගුණික විපර්යාසයෙන්ගේ ඛේදනීය ගොදුරු බවට පත් වු විට විය හැකියි.”

25 වන වියට පා තබන විට මේ තරුණිය අනගතයේදී ලෝකයට බලපෑම් කළ හැකි යැයි ටයිම් සඟරාව තෝරාගත් පුද්ගලයින් 100 දෙනා අතරට මෙන්ම බී. බී. සී. යන තෝරාගත් බලපෑම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට ද එක්ව සිටින්නීය.

Jesustoday.lk 5 වන වසර 10 වන සතිය 2021 මැයි 09 වන ඉරිදා

 

Comments powered by CComment