පාස්කු ඉරුදින ප්‍රහාරය සාධාරණය ඉටුකිරීම ප්‍රධාන සටන් පාඨයක් කරගත් ජනපතිවරයෙක් බලයට පත් වී වසර එකමාරක් ගිය තැනද පොලිස්වාර්තාවල අඩුපාඩු තිබෙන්නේ ඇයි ? ලංකාවේ පොලිස් වාර්තා නඩු දිගුවීමද, පැරද වීමද ඉලක්ක කොට ගත් ප්‍රධාන මෙවලමක් බව ඉතිහාසය ඔප්පු කර තිබේ.

නීතිපතිවරයා තමා විශ්‍රාම යාමට පෙර පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීමට නොහැකි බවත් ඊට හේතුව පොලිසිය විසින් නිකුත් කළ උද්ධෘත ගොනුවල අඩුපාඩු තිබීම බවත් ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන බවක් ප්‍රකාශ කර තිබුණා.

ඒ ගැන කිතුනු තරුණ තරුණියන් කීප දෙනෙකු අතර සිදු වූ කතාබහක දී මතු වුනු අදහස් කීපයක් මේ.

රජය පැත්තෙන් කියවෙන කතාව මේ ප්‍රහාරයෙන් රජය පාර්ශවය සම්පූර්ණයෙන් ම නිදහස් කරන කතාවක් බව පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂක ඇමතිවරයාගේ මැදිහත්වීම්වලින් පෙනෙනවා. 

මේ පිළිබඳ කාදිනල් තුමාද ලිඛිතව තමාගෙන් විමසා සිටි බවත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ද, කරුණු විමසා සිටි බවත් ඊට පිළිතුරු දෙන්නට නැගී සිටිමින් සරත් වීරසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි පවසා තිබුණා. ඔහු එහිදි කියා තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කිසිවෙක් කිසිදු සැකයක් තබා නොගත යුතු බවත් දැනටමත් නඩු 9 ක් පවරා තිබෙන බවත්ය.

පාස්තු ඉරුදින සිදු වූ ප්‍රහාරයට සාධාරණය ඉල්ලන්නන්ගේ ඇති ප්‍රධාන දුර්වලතාවය වන්නේ ඔවුන් පාස්කු ඉරුදින ප්‍රහාරයට මඟ පෑදු ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් වන මෙරට මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාරය ඊට ඈදා නොගැනීම හා සියල්ල මහ මොළකරුවෙකු වෙත ලඝුකොට සාධාරණය සෙවීමට යාමයි. අප මීට පෙර ද පෙන්වා දුන් පරිදි ඉන් බොහෝ දුරට සිදුවිය හැක්කේ සාධාරණය වැළලි යාමය.

දැන් ප්‍රධාන ප්‍රහේළිකාව තමන් විසදා ඇති බවත්, මහ මොළකරු නවුෆර් මවුලම් බවත් ආණ්ඩුව දිගින් දිගටම පවසයි. ඉතිං ඇත්තේ තව පුංචි පුංචි තාක්ෂණික කාරණා කීපයක් විසදා නඩු පැවැරිම පමණි. ඊට කාලයක් ගත වේ. රජය දක්වන්නේ ඒ වගේ අදහසක්. එය පිළිගැනීම සාධාරණත්වය පිළිබද අවසාන දේව විනිශ්චය ලෙස පිළිගත හැකිද ? අප බොහෝ දෙනෙකුගේ අදහස වනුයේ, එය එසේ නොවන බවයි. 

පාස්කු ඉරුදින ප්‍රහාරය සාධාරණය ඉටුකිරීම ප්‍රධාන සටන් පාඨයක් කරගත් ජනපතිවරයෙක් බලයට පත් වී වසර එකමාරක් ගිය තැනද පොලිස්වාර්තාවල අඩුපාඩු තිබෙන්නේ ඇයි ? ලංකාවේ පොලිස් වාර්තා නඩු දිගුවීමද, පැරද වීමද ඉලක්ක කොට ගත් ප්‍රධාන මෙවලමක් බව ඉතිහාසය ඔප්පු කර තිබේ.

හිටපු නීතිපතිවරයා විශ්‍රාම යන අතර දැන් නව නීතිපතිවරයෙකුව අනුමැතිය ලැබී ඇත. පාස්කු ඉරුදින ප්‍රහාරයේ යුක්තිය දේශපාලන බල ව්‍යාපෘතියක් තුළ දියවීමට එය දේශපාලනය සමඟ මුසුකළ කිතුනු නායකත්වය ද වගකිව යුතු බව පොලිස් පොත් වල ලියැවුණේ නැතත් දෙවියන්ගේ පොතේ ලියවෙනු නැතැයි කිව හැක්කේ කාටද ?

Jesustoday.lk 5 වන වසර 13 වන සතිය 2021 මැයි 30 වන ඉරිදා

Comments powered by CComment