ඔබේ තරුණ්‍යය පැමිණිලා ඉවරයි. එළඹිලා ඉවරයි. එය ගෙවෙමින් පවතින්නේ මේ දුෂ්කරම මොහොතක පැය පැමිණිලා තිබෙනවා. දුෂ්කරම පැය තුළ නැගිටින්න.

අප ජීවත්වන්නේ දැන්ය
මේ කාලය තුළය
මේ ගෙවෙන්නේ අපේ තාරුණ්‍යය

දැනටමත් අපි
කෝවිඩ් - 19 සමඟ
අපගේ තාරණ්‍යයෙන්
අවුරුදු 1, 1/2 ගෙවා ඇත්තෙමු.

තාරුණ්‍යය වයස 20-30 දක්වා
අවුරුදු 10 ක් සේ සැලකුවහොත්
අපි 15% ක් දැනටම ගෙවා ඇත්තෙමු.
එය විශාල කාලයකි.

අපට ලොකු ජීවයකින් වැඩ කළ හැකි
අධ්‍යයන සඳහා පූර්ණව යොමුවිය හැකි
විවාහය හා රැකියාවන්ට
නොවැයවෙන වසර පහක පමණ කාලය ලෙස ගත්තොත්
ඉන් 30% ක් ගෙවිලා
එය විශාල කාලයක්

සමාජ ව්‍යාපාර එක්ක
සංස්කෘතික, කලා වැඩ එක්ක
විමුක්තිය ව්‍යාපාර එක්ක බද්දව
අත්දැකීම් ලැබිය හැකි වසර පහක්
ලෙස ගතහොත් ඉන් 30%ක් ගෙවිලා
ඒක විශාල කාලයක්

මුල සිටම අප අවධාරණය කළ
කාරණයක් නැවැතත්
දැඩිව අවධාරණය කරන්න කැමැතියි
අප වැඩ කළ යුත්තේ
කෝවිඩ්වලට පසු එළඹෙන යුගයකදී නොවේ
කෝවිඩ් තුළ, මේ දැන්ය.

කෝවිඩ් තුළ තාරණ්‍යයේ
හොඳම කාලය
ඔහේ ගෙවෙන්නට හරින්න එපා

වැදගත්ම දේ ඔබගේ සුවිශේෂිතාවය
අයිතිකර ගැනීම, වැළඳ ගැනීම
ඔබ ඉපදිලා ඉන්නේ
තවත් එක් මිනිස් ප්‍රාණියෙක් වෙන්න නොවෙයි
සුවිශේෂි යමක් වෙනුවෙන්
ඔබේම මෙහෙවරක් තිබෙනවා.
ඒක තදින් වැළඳගන්න.

ජීවත්වීමයි
නිකම්ම ඔහේ පැවැතීමයි
අතර වෙනස හඳුනා ගන්න.
ඔබ ජීවත් වෙනවාද ?
නිකම්ම ඔහේ පවතිනවාද ?

ඕෂෝ මෙහෙම කියනවා.
එය ඉතාම නිවැරදියි.
“නිකම්ම පැවැතීම ජීවිතය නොවෙයි.
සුවිශේෂි වු යමක් නොකර අලසව ජීවත්වීම
නොමැරී පැවැතීමක් විතරයි.
එය ජීවත් වීම නොවෙයි.
ඒකට අවශ්‍ය කෑම බීම ටිකක්
හා වහළක් පමණයි”

"එවන් ජීවිතයක ආශ්චර්යක් නෑ."
අලංකාරයක් නෑ.
ඔබට හිමිවූ අභ්‍යන්තර විසල් අවකාශය
එවිට තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා.
එහි තාරකා දිලෙන්නේ නෑ
සඳකැන් ගලන රාත්‍රීන් නෑ
නිකම්ම අඳුරු අහසක්"

නිකම්ම පවතින්න එපා
ජීවත් වන්න
වසංගතයක් ඇතුලේ මේ තරම්
වැඩ කළ හැකි අවකාශයක්
මානව ඉතිහාසයේ වෙන කවර
යුගයකවත් තිබුණේ නෑ.

සංචරණ සීමා තිබුණාට
භෞතිකාව එකතු වෙන්න බැරි වුනාට
භෞතිකව එකතු වෙනවාට වඩා
වැඩි පිරිසක් එකතු වෙන්න ඉඩකඩ තිබෙනවා.
ලෝකය පුරාම ඉන්න මිනිස්සු එක්ක
එකුවෙන්න පුළුවන්.
මුදල් ටිකක් අවශ්‍යයි. ඒක
සහෝදරත්වය තුළ විසඳගන්න

හමුවීම් කල් දාන්න එපා. භෞතිකව
හමුවීමට ඉඩ ලැබෙන තුරු බලා ඉන්න එපා.
සංචරණ සීමා ලිහිල් කරන තුරු ඉන්න එපා.
ඒ සඳහා නායකත්වයක් ගන්න.
ඔබ පළමු පියවර තබන්න.

ඉගෙනීම් අධ්‍යයනයක් කල් දාන්න එපා.
පුස්තකාල වැහුනට කියවන්න පුළුවන්.
කියවන්න අවශ්‍ය කියවීම් ද්‍රව්‍ය
හුවමාරු කරගන්න පුළුවන්
මුදල් ටිකක් අවශ්‍යයි. ඒක
සහෝදරත්වය තුළ විසඳගන්න.

ඔබ ළග දැනට තිබෙන ඒවා කියවන්න
කියවපු දේවල් භාවනාත්මකව නැවත කියවන්න
කියවපු දේවල් සටහන් කරගනිමින් කියවන්න
කියවපු දේවල් මෙනෙහි කරමින් ලියන්න.

අර කිව්ව සුවිශේෂි බව
මතු කරගත්තු මිනිස්සු ගැහැනු
කියෙව්වේ, ලිව්වේ, කන්න
බොන්න නැතිව, මරණයේ අඳුරු සෙවනැලි තුළ,
භීෂණය මැද්දේ කුසගින්නේ.

මුල් ක්‍රිස්තියානින් ගන්න
ඔවුන් හමුවන්නේ මරණයේ සෙවනැලි තුළ
ඔවුන්ගේ ලිවීම්, මෙනෙහි කිරීම්
සිදුවන්නේ කැටකොම්බි තුළ
ඒ කියන්නේ මළමිනි වළදමන
භූගත ගුහා තුළ

කාලය නපුරු බැවින්,
ඇති හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න.
එබැවින් අනුවනයන් නොවී
සමිදාණන් වහන්සෙගේ කැමැත්ත
කිමෙක්ද කියා තේරුම් ගන්න.

පහසු නෑ
හැබැයි
නොහැකි නෑ

අපි දන්නවා මේ තත්ත්වය
එකිනෙකාට බලපාන්නේ වෙනස් විදිහට

අපි අතර ධනවතුන් නෑ
ඒ නිසා ඔවුන් ගැන
කතා කරන්න අවශ්‍ය නෑ.
ඉහළ මධ්‍යම පාංතිකයාට මේ මොහොතේ
තියෙන්නේ රෝගය හා මරණය පිළිබඳ භීතියක්.
ඔවුන්ගේ අනිත් ප්‍රශ්න ෂැංග්‍රිලා
එකට පාටියට
යන්න බැරිවීම වගේ ප්‍රශ්න
ඇත්ත ප්‍රශ්න නොවෙයි.

පහළ මධ්‍යයම පාංතියේ අයට
ප්‍රශ්න ගණනාවක් තිබෙනවා
පාඨමාලා කල් යනවා.
උපාධීය කල් යනවා
රස්සාව කල් යනවා
රස්සාව නැති වෙනවා
ණය තුරුස් වැඩි වෙනවා
යාන්තම් කාල බීලා ඉන්නවා
ආර්ථික ප්‍රශ්න අස්සේ යමක් කරගන්න බැරිව කංසාව
වැඩිවෙනවා. අලසකම වෙනවා
එපා වෙනවා.

පීඩිත පන්තිය තුළ තමයි
ගැඹුරම ප්‍රශ්න තිබෙන්නේ
රු. 5000/- වාෂ්ප වෙනවා.
පොලි කාරයාට දෙන්න වෙනවා
ගෙවල් කුලී හිමියාට දෙන්න වෙනවා
පුංචි ගේ කෑල්ලේ
හැමෝම එකට ඉඳීම එක්
රැයකට මිසක් දින ගණනාවකට
කළ හැකි එකක් නොවෙයි.
කුසගින්න, ලුණුවත් නැති තත්ත්වයන්

මේ පීඩිත ම තාරුණ්‍යයට පාඨමාලා කල්යාමවත්
අධ්‍යාපනය බිද වැටීමවත් විවාහය කල් යාමවත් වැනි
ප්‍රශ්න නෑ. ඔවුන්ට තියෙන්නේ 
එදිනෙදා කීයක් හරි හොයා ගන්න
කරගෙන ගිය දේවල් කර ගන්න බැරි ප්‍රශ්නයක්
තමන් ඇබ්බැහි වුනු මත්පැන්, ගංජා වැනි දේවල් නැතිව
ඇති වෙලා තියෙන කායික මානසික රෝගී බවක්

පළවෙනි දේ සත්‍ය දකින්න
අපි හැම විටම හැම දේම
හිතන්න ඔිනි. අර පීඩිතම
මිනිස්සුන්ගේ අත්දැකීම
තුළට ගිහින්
එතැනයි සත්‍යය තිබෙන්නේ
ඒ සත්‍යයි අපව නිදහස් කරන්නේ

අන්න එතන හිටගෙන එතැන
පිහිටලා ඔබේ සුවිශේෂි බවට අවදිවන්න

මතක තියා ගන්න. හදවතේ ලියාගන්න
ඔබ මේ ලෝකේට ආවේ නිකම්ම පැවැතිලා
මැරෙන්න නොවෙයි.

ඔබේ තරුණ්‍යය පැමිණිලා ඉවරයි.
එළඹිලා ඉවරයි.
එය ගෙවෙමින් පවතින්නේ
මේ දුෂ්කරම මොහොතක
පැය පැමිණිලා තිබෙනවා.
දුෂ්කරම පැය තුළ නැගිටින්න.

ඩිජිටල් තාරුණ්‍යයේ යථාව
ලිපි පෙළ නැවත කියවන්න
ජීවිතය Auto Correct වෙන්නේ නෑ
ඔබ අප එක්ව එය
නිවැරදි කරගත යුතුයි.

ඔබේ අභ්‍යන්තර විසල් අවකාශය
වසා ගන්නට අඳුරට ඉඩ දෙන්න
එපා.
එයට තරු දිලෙන රාත්‍රීන්
කැඳවන්න
සඳකැන් ගලන රාත්‍රීන්
කැඳවන්න

රත්න ශ්‍රී විජෙසිංහ කවියාගේ කවියකින්
මේ අභ්‍යන්තර අඳුර
මේ සමාජීය අඳුර
අලෝකමත් කරන මාර්ගය
පෙන්වා දෙමින් මම
නවතින්නම්

"පහන් වෙව !
කියන විකසිත
රැය පහන් නොවේ සකිසද

අඳුර විනිවිදින ගී සර
නගනු කාලයයි
නිවුනු පහන් එකිනෙක
දල්වන්න කාලයයි.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා

 

Comments powered by CComment