කුමන වස්තු සම්පත් අයිතිව සිටියද තවත් මනුෂ්‍යකු ළඟ නැත්නම්, මේ රැස් කර තබාගන්නාවු සම්පත් සියල්ල පුස්සක් බව ඒත්තු ගන්වන්නට මෙම වසංගතය සමත් වී ඇත.
මානව සහෝදරත්වයත් සමාජ මිත්‍රත්වයත් සම්බන්ධව පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වයන්  පිළිබඳව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ නිරන්තරයෙන් තම අවධානය යොමු කර ඇත.
එක් පසෙකින් අප අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා එකල ඊජිප්තුවේ මුස්ලිම් සිටුවරයකු හමුවීමට පැමිණි සිද්ධිය තුළ සැබෑ පියකුගේ මෙහෙවර මෙනෙහි කරන ලදී. එම ආදර්ශය තම ක්‍රියාවෙන් පෙන්වා දෙන වත්මන් ශුද්ධෝත්තම පියතුමන් ද, අබුඩාබි රාජ්‍යයේ මුස්ලිම් රාජ්‍ය තාන්ත්‍රය නායකයෙකු වූ ග්‍රෑන්ඩ් ඉමාම් අල් තයුබ් හමුවී සිදු කළ එම දීර්ඝ සාකච්ඡාව මෙම විශ්ව ලේඛනය සම්පාදනය කිරීමට එතුමාට දිරිගැන්වීමක් වූ බව දක්වා තිබේ.
එම හමුව තුළ ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර සබඳතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
එම ද්වීපාර්ශවික එකඟතාවය මත තවමත් අප සියලු දෙනාටම එකතු විය හැකි මානව හර පද්ධතියක් තිබෙන බව ප්‍රකාශ කර ඇත.
තවද, දෙවියන් වහන්සේ 
අප හැම කෙනෙක්වම නිර්මාණය කර ඇත්තේ සහෝදර සහෝදරියන් ලෙස එකම මානව  හිමිකම් එකම මානව වගකීම්, හා එකම මානව වටිනාකම් ඇතිව ජීවත් වීමට යි යන පදනම මත ගොඩනැගීමේ අවශ්‍යතාවය ඉස්මතු කර ඇත.
"God has created all human beings equal in rights duties and dignity and has called them to live together as brothers and sisters"
එසේම එම සාකාච්ඡාව ලේඛනයක් ලෙස සකස් කොට Fratelli tutti සමාජ විශ්ව ලේඛනයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇත.
විශ්ව ලේඛනයේ කාලෝචිත බව
අපි දවසෙන් දවස අනෙකාව නිර්මාණය කරමින් යනවා.
'අනෙකා' නිසා අපගේ ප්‍රශ්නය සහ අනෙකාගේ ප්‍රශ්නය වෙනස් ලෙස වෙන් කරන්න පෙළඹවීමක් ඇති වී ඇත. මින්  නිර්මාණය වන්නේ  ධ්‍රැවීකරණයයි.
මෙම තත්ත්වය අප තේරුම් ගැනීම අවශ්‍යයි.
මෙම තත්ත්වය අපේ කර ගැනීම, එනම් අනෙකා අපේ කරගැනීමට නම් නව සිතුවිලි ධාරාවක හා චින්තන පෙරලියක් අවශ්‍ය වෙනවා. 
ජේසු වහන්සේ දුන් ධර්මය මත අපි ගොඩනැගෙන්න අවශ්‍යයි. 'others' ලෙසින් අපි නොදැනුවත්වම අනිත් අය ලෙස වර්ග කරන්න කරන්න පුරුදු වෙලා. වත්මන් අර්බුදයන් වැඩි වන්නේ මෙමගින් ඇති වන ධ්‍රැවීකරණය නිසයි. වර්තමානයේ අපි බොහෝ දෙනෙක් හිර වෙලා ඉන්නේ මෙම තත්ත්වය මතයි. මෙය හඳුනා ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.
අනෙකා අපේ වනතුරු අපිට මේ අර්බුද අතර හිස ඔසවන්නට හැකියාවක් නැත.  ඇත්තෙන්ම කෝවිඩ් 19 අපට නිරාවරණය කරනු ලැබුවේ එම ව්‍යාජ සමාජ සුරක්ෂිතභාවයේ පසුබිමයි.
සියලු පහසුකම් අත්කර ගැනීමත් තාක්ෂණික දියුණුවට ළඟාවීමත් තුළ සුරක්ෂිතතාවය ඇති බව ලෝකයට ඒත්තු ගන්වා ඇත..
නමුත් මේ විවෘත වෙළඳපොළ සූරාකෑම තුළ, මෙම රෝගී තත්ත්වය මත ඔක්සිජන් හිඟ වන විට, මහා නගරයක සුපිරි කාමරයක තනිවී හුස්ම අයදින තත්වයට මිනිසුන් පත්වෙලා.
කුමන වස්තු සම්පත් අයිතිව සිටියද තවත් මනුෂ්‍යකු ළඟ නැත්නම්, මේ රැස් කර තබාගන්නාවු සම්පත් සියල්ල පුස්සක් බව ඒත්තු ගන්වන්නට මෙම වසංගතය සමත් වී ඇත.
තවදුරටත් විද්‍යාව කොතරම් සීමාසහිත ද යන්නත් අපට වටහා දීමට මෙම වසංගත තත්ත්වය සමත්ව ඇති පසුබිමක තව තවත් අපේ අනාරක්ෂිත බව පෙන්වා දී ඇත. 
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශුද්ධෝත්තම පියතුමා, උන්වහන්සේගේ අරමුණ වන්නේ, සෑම ජීවියෙකුටම මානව වටිනාකම් තියෙන බව පෙන්වා දීම බව ප්‍රකාශ කරයි. 
එතුමන් තවදුරටත් වර්තමාන සමාජ අර්බුදය විග්‍රහ කිරීම පසෙකින් තබා
මේ මොහොතේ අපව විනාශයට ඇද දමන සමාජ ප්‍රවණතා පිළිබඳ සඳහන් කරයි.
එදා යුද කෝලහාල පසු කරමින් ආ ගමන් මගෙහි 1960-1970 වකවානුව තුළදී, පොදු එකඟතාවයන් මත ක්‍රියාත්මක වීමට ලෝකය යම් සාමූහික උත්සාහයක් දරා තිබෙන බව සත්‍යයකි.
7GradeWriterWorkshopරංගිකා පෙරේරා
Jesustoday.lk 5 වන වසර 19 වන සතිය 2021 ජූලි 11 වන ඉරිදා

Comments powered by CComment