මෙම මාධ්‍යවේදින් තිදෙනාගේම ඝාතන සඳහා ඔවුන්ගේ රටවලදී යුක්තිය සාධාරණය ඉටුනොවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ඔවුන් තිදෙනාගේම ඝාතන සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයින් වන්නේ ඒ රටවල රාජ්‍යය වීම හෙවත් රාජ්‍යයට සම්බන්ධ ඉහළම පුද්ගලයින් වීමයි.

 

මාධ්‍යවේදියා නොබියව සත්‍ය ප්‍රකාශ කරන දිවැසිවරයෙකු විය යුතුය.

එවන් දිවැසිවර මාධ්‍යවේදින් මර්ධනයට, ඝාතනයට අපරාධකාරී දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් ඉතිහාසය පුරාම ක්‍රියා කර ඇත. ඉදිරියට ද, ක්‍රියා කරනු ඇත.

නොවැම්බර් 02 වනදා එක්සත් ජාතින් වෙන්කොට ඇත්තේ ‘මාධ්‍යවේදින්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය’ වශයෙනි.

2021 ඒ දිනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් දිනයකි. ඊට හේතුව මෙරට මුල් පෙළේ මාධ්‍යවේදියෙකු වු ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ නඩු විභාාගය නෙදර්ලන්තයේ හේග් නුවර දී ඇරඹීමයි.

එම නඩුව ලසන්ත වික්‍රමතුංග ඇතුළු ඝාතනයට ලක් වු මාධ්‍යවේදින් තිදෙනෙකු සම්බන්ධයෙන් වන අතර එය ලබන වසරේ (2022) මැයි 03 කට යෙදී ඇති මාධ්‍ය නිදහස් දිනය දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

අනිත් මාධ්‍යවේදින් වන්නේ අමතරව මෙක්සිකෝවේ මිගෙල් ඒන්ජල් ලෝපෙස් හා සිරියාවේ නැබිල් අල් ෂර්බාජි ය.

ලෝකයේ ඉදිරිපෙළ මාධ්‍යවේදින්ගේ ආයතන කීපයක මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම නඩු විභාගය නම් කර ඇත්තේ (People's Tribunal of the murder of journalist) ’මාධ්‍යවේදින් ඝාතනය පිළිබඳ මහජන විනිශ්චය සභාව’ නමිනි.

මෙරට තුළ ජාත්‍යන්තර අධිකරණ ගැන විවිධ කතා බහ සිදු වන මේ වකවානුවේ මෙය ඉතා වැදගත් අවස්තාවකි. බලවතුන්ගේ අත්අඩංගුවේ පවතින ජාත්‍යන්තර ආයතනවලින් ඔබ්බේ ස්වාධීන විද්වතුන් ජනමාධ්‍යවේදි සංවිධාන මහජනතාව සහිත මෙවන් විනිශ්චය සභා ඉතා වැදගත් වේ.

මෙම මාධ්‍යවේදින් තිදෙනාගේම ඝාතන සඳහා ඔවුන්ගේ රටවලදී යුක්තිය සාධාරණය ඉටුනොවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ඔවුන් තිදෙනාගේම ඝාතන සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයින් වන්නේ ඒ රටවල රාජ්‍යය වීම හෙවත් රාජ්‍යයට සම්බන්ධ ඉහළම පුද්ගලයින් වීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන සියල්ලම පාහේ රට තුළ ඝාතනය වු මර්ධනයට ලක් වු සිය මාධ්‍ය සඟයන් පිළිබඳ අඛණ්ඩව අරගලයක නිරත නොවීම කැපී පෙනෙන ලක්ෂණයකි.

සැබැවින්ම සිය සඟයන්ගේ ඝාතන ගැන ජනමාධ්‍ය අඛණ්ඩව පෙනී සිටින්නේ නම් එය විශාල බලපෑමක් කළ හැකි දෙයකි.

තම සඟයන්ගේ ඝාතන ගැන එසේ අඛණ්ඩව බලපෑම් කිරිමෙන් මිදි ජනමාධ්‍ය භූමිකාව මෙහෙය වන ජනමාධ්‍ය අපරාධ හවුල්කාරි ජනමාධ්‍ය ලෙස සැලකීම අයුක්ති සහගත නොවේ.

සත්‍ය ප්‍රකාශ කරන දිවැසිවර ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂක පවුරක් ලෙස ජනතාව ද ක්‍රියා කළ යුතුය. එවන් මාධ්‍ය සාක්ෂරතාවයක් හා යුක්තිගරුක පුරවැසි සමාජයක් නැතිව රටක සත්‍ය සිංහසනාරූඩ කළ නොහැකිය.

එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ පහත ප්‍රකාශය අපගේ අවධානයට යොමු විය යුත්තේ එවන් පසුබිමක.

“අපි මාධ්‍යවේදින් ආරක්ෂා නොකරන්නේ නම්, දැනුවත්වීම් හා සාක්ෂි මත පදනම් ව තීරණ ගැනීමේ අපට ඇති හැකියාව බරපතළ ලෙස සීමා වේ. මාධ්‍යවේදින්ට ආරක්ෂිතව තම රාජකාරීය කළ හැකි වටපිටාවක් නොමැති නම්, අන්තර්ජාලය හරහා පැතිරයමින් පවතින සාවද්‍ය තොරතුරු වසංගතයට එරෙහිව අපට ඇති ආරක්ෂාව ද අහිමි වී යනු ඇත.”

මුස්ලිම් ලකුණු ඇති සිංහල සාහිතය ශානරයකට දොරටු විවෘත කරන සම්ප්‍රදානයක් සෙනීෆා සනිර්ගේ සුළං සැරට.

Jesustoday.lk 5 වන වසර 35 වන සතිය 2021 නොවැම්බර් 07 වන ඉරිදා 

Comments powered by CComment