කිසිම සාමුහික භක්ති අභ්‍යාසයකට ඉඩ නැතත් පුද්ගලයක් ලෙස පවුලක් ලෙස රටක ලෙස ලෝකයක් ලෙස මරිය මරියාවබෝධයට පත්වෙන්න මරිය අපේක්ෂාව අයිති කරගන්න. මරිය මෙහෙවරට කැප වෙන්න අපට පුලුවන්. ඔව්, මරිය හිතට සමාන ව‍ෙන්න,

ඔහු සෑදුවේ ගෘහ භාණ්ඩ පමණක් නොවේ. ඔහු දිව්‍යමය අරමුණට කැපවන ගෘහයක්ද තැනුවේය. ජෝශප් ඒ කාලය තුළ ගෘහ භාණ්ඩ නිර්මාණය කළ වඩුකර්මිකයෙකු පමණක් නොවේ. සියලු කාලයන්ට අදාලව දේව සැලැස්ම සම්පුර්ණ කළ දිව්‍යමය ශිල්පියෙකු ද වේ. ඔහු කම්කරුවෙකු වීම අභිමානය කොට සැලකුවේය. පරපුටු, පරිසි පූජක, දිවි පැවැත්ම ලෝකය මැවුම්කරු අපහාසයක් ලෙස ඔහු දුටුවේ ඔහු මගේ ජිවන සහකරු වීම ගැන මා හද පතුලින් සමිදුන් පසසමි.

තුන්වන ප්‍රශ්නය වන ලිපියේ දේව ධර්මය පිළිබඳ ප්‍රශ්නය ගත්තොත් ගත්තොත් එය ඉතා පැහැදිලියි. ජේසු පව් කාරයින්ව තෝරාගත්තා. ජේසු එදා කොන් කළ ස්ත්‍රීන්ව තෝරාගත්තා කියන කාරණයයි මේ නිර්මානයේ මූලික දේව ධර්මය.

යක්ෂාත්මයන් හතක් වැසි සිටි යක් දෙස්සියක් සේ මිනිසුන් සැලකු අන්ත දිළිඳු, පීඩිත සමාජ පසුබිමකින් පැමිණි,  පව්කාර ස්ත්‍රියක යැයි මිනිසුන් පිළිකෙව් කළ මාව එතුමෝ තෝරාගත් සේක. පර්වතය යැයි කී පේදුරු ව නොව ප්‍රේම කළ ශ්‍රාවකයා වු ජුවාම් ව නොව, ඔව් සාක්ෂිකරුවෙකු නොව, සාක්ෂිකාරියක එතුමා තෝරාගෙන ඇත.

මා පුතුගේ ඝාතකයා ඔබ පුතු නොවන බව මම දනිමි.” මා ඈ හිස පිරිමදිමින්ම කීවෙමි. ඈ මොහොතකට පසු සුසුමක් හෙලුවාය. ඇගේ පුතු ද මා පුතු සේම ජනතාවගේ විමුක්තිය පතා තාරුණ්‍යයේ  බොහෝ සොඳුරු සිහින අත්හළේය. ඔව්හූ මා පුතු ඝාතනය කළ අතර ඇගේ පුතුට දිවි නසා ගැනීමට පාර කපා ඇති බව මා ඇයට කීවෙමි.