යක්ෂාත්මයන් හතක් වැසි සිටි යක් දෙස්සියක් සේ මිනිසුන් සැලකු අන්ත දිළිඳු, පීඩිත සමාජ පසුබිමකින් පැමිණි,  පව්කාර ස්ත්‍රියක යැයි මිනිසුන් පිළිකෙව් කළ මාව එතුමෝ තෝරාගත් සේක. පර්වතය යැයි කී පේදුරු ව නොව ප්‍රේම කළ ශ්‍රාවකයා වු ජුවාම් ව නොව, ඔව් සාක්ෂිකරුවෙකු නොව, සාක්ෂිකාරියක එතුමා තෝරාගෙන ඇත.

මගේ හද සමිඳුන් උසස් පෙළ පසසයි

එතුමන්ගේ උත්ථානයේ පළමු සාක්ෂිකාරිය වීමට එතුමෝ මා තෝරාගත් සේක.

ඔව්, යක්ෂාත්මයන් හතක් වැසි සිටි යක් දෙස්සියක් සේ මිනිසුන් සැලකු අන්ත දිළිඳු, පීඩිත සමාජ පසුබිමකින් පැමිණි,

පව්කාර ස්ත්‍රියක යැයි මිනිසුන් පිළිකෙව් කළ මාව එතුමෝ තෝරාගත් සේක.

පර්වතය යැයි කී පේදුරු ව නොව ප්‍රේම කළ ශ්‍රාවකයා වු ජුවාම් ව නොව, ඔව් සාක්ෂිකරුවෙකු නොව, සාක්ෂිකාරියක එතුමා තෝරාගෙන ඇත.

එය පුදුමයක් නොවේ. කුරුසියේ මරණයට පෙර ද එතුමා තෝරා ගත්තේ සමාජ සම්මතය උඩුයටිකුරු කළ තෝරා ගැනීම්ය.

සැබැවින්ම එතුමා මරණය පත් කළ පසු එතුමා සුපස ගීය අපද මරණයට පත් කරනු ඇතැයි භීතියක් ඇති විය. ඒ බිය සහේතුකය.

එහෙත් ගැහැනු අපි කීප දෙනෙකු සුවඳ විළවුන් මිලදී ගතිමු. එතුමාගේ සිරුර සැතපු සොහොන්ගෙය කොතැනදැයි බලා ගතිමු.

යක්ෂ සමාජය ක්‍රමය විසින් කොන්තර දමා තලා පොඩිකර දමා ජීවාත්මයක් නැති මළ සිරුරක් පමණක් බවට පත් කොට තිබු

මා හට ගැලවීමක් ඇතැයි කියා, දෙවියන් ප්‍රේම කරන බව කියා උත්ථානයක්, නව පමණක් ලැබදුන් එතුමා තනි කර දමා යාමට මට නොහැකි විය.

දොරගුළු ලාගෙන සැගවි සිටිම ගුණමකු කමකැයි මට සිතුනි.

මට අවැසි වූයේ සොහොන් ගැබ අසල සිටීම නොවේ. මට අවැසි වූයේ ඒ තුළට ගොස් එතුමාගේ සිරුර සුවඳ පැනින් නැහැවීමටය.

මා පවිටු මඩ වලෙන් මුදා ගත් මිනිසාට,

මා අන්ධකාරයෙන් ආලෝකයට කැඳවූ මිනිසාට,

මා මරණයෙන් මුදාගත් මිනිසාට,

මට ජීවිතය දුන් මිනිසාට කළගුණ දැක්වීමටය.

ඇත්ත මෙහිදි ද මා උන්වහන්සේව එකවර හඳුනාගත්තේ නැත. උන්වහන්සේ මා හඳුනාගෙන ‘මරියා’ යැයි මා ඇමතීය.

ඒ මා ඇතුළු දහසක් පීඩිතයින් පව්කාරයන් ජීවිතයට රැගෙන ආ හඬයි.

‘රබ්බෝනි’ (ගුරු දේවයනි) යන වදන පිටවූයේ මා මුවින් නොවේ.

මගේ මුළු මහත් ඇතුලාන්තයෙනි.

එතුමා අපගේ ගුරුවරයාය

ආදරයේ ගුරුවරයාය
ජීවිතයේ ගුරුවරයාය.
විමුක්ති ගුරුවරයාය

‘මාව අල්ලන්න එපා’

සැනින්

මට ඒ වදන් හී ගැඹුර අවබෝධ විය.

එතුමාගේ ස්පර්ශය මතු පිට සම ට අදාල වන්නක් නොවේ. එය ගැඹුරු ඇතුලාන්තයට අදාල වන්නකි.

දැන් උදාවි ඇත්තේ එතුමාගේ ප්‍රේමයේ අනුහසින් පිබිදි ගැඹුරු ඇතුලාන්තයෙන් එතුමා අපට කළ පරිදි පීඩිත අනෙක් සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරිමේ යුගයයි.

‘රබ්බෝනි’ ඒ උත්කෘෂ්ට ප්‍රේමයේ මොහොත එළඹ ඇත. ඒ උත්කෘෂ්ට ප්‍රේමයේ යුගය ඇරඹීය යුතුය.

මා දිව ගියෙමි. දොරගුළු ලාගෙන සිටින සෙසු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඒ සුපුවත කිමි.

‘මම ස්වාමින් වහන්සේ දුටිමි’

එහෙත් පිරිමි මාගේ වචන විශ්වාස නොකළෝය. ඔවුන්ට මා තවමත් දුර්වල තැනැත්තියකි.

එහෙත් මම දනිමි.

මගේ මුළු හදවතින්ම

මුළු බුද්ධියෙන්ම පමණක් නොව

මගේ අත්දැකීම තුළින්ම මම දනිමි.

ඒ අපේ ආදරණීය ගුරුවරයාමය ප්‍රේමයේ ඇදුරාමය

‘මරියා’

කොන්දේසි විරහිතවව පව්කරුවන්, පීඩිතයින් ඇමතු ප්‍රේමයේ හඬම ය.

Jesustoday.lk 5 වන වසර 7 වන සතිය 2021 අප්‍ර‍ේල් 18 වන ඉරිදා 

 

Comments powered by CComment