Print

තුන්වන ප්‍රශ්නය වන ලිපියේ දේව ධර්මය පිළිබඳ ප්‍රශ්නය ගත්තොත් ගත්තොත් එය ඉතා පැහැදිලියි. ජේසු පව් කාරයින්ව තෝරාගත්තා. ජේසු එදා කොන් කළ ස්ත්‍රීන්ව තෝරාගත්තා කියන කාරණයයි මේ නිර්මානයේ මූලික දේව ධර්මය.

ගියවර ‘ස්ත්‍රී’ පිටුව තුළ පළවු ‘මග්දලායේ මරියාගේ උදාන ගීය’ නම් වු ලිපිය ගැන මුහුණු පොතේ විවිධ අදහස් පළ වුණා. Jesustoday.lk වෙබ් අඩවියේ අරමුණක් වන්නේ ද මෙන්න මේ කතිකාව ඇති කිරිමයි. ඒ ප්‍රතිචාර අතර කියන්නේ

“මෙවැන්නක් බයිබලයේ නෑ. මෙය බොරුවක්.”

 “මග්දලායේ මරිය එක් ස්ත්‍රීයක්ද ස්ත්‍රීන් තිදෙනෙක්ද ?”

“මෙහි දේව ධරමය කිතුනු දේව ධර්මයට අනුකූලද ?”

පළමු වැන්නට පිළිතුර ෆේස්බුක් සංවාදය තුළ තරුරසි ලබාදි තිබුණා. ශුද්ධ වූ බයිබලය ඇසුරින් සිදු කරනු ලැබු නිර්මාණයකි ඒ ලිපිය. ලෝක ඉතිහාසය තුළ එවැනි බොහෝ නිර්මාණ තිබෙනවා. ඒ නිර්මාණ ක්‍රිස්තු සාරය හඳුනා ගැනීමට උපකාරි වෙනවා. “ඛලීල් ජිබ්රාන්ගේ ‘ජේසුස් නම් මනුෂ්‍ය පුත්‍රයා” නොබෙල් ත්‍යාගය දිනු par Lagerkvist ගේ බරබ්බාස් නිදසුන් දෙකක් පමණයි. එවැනි සාරවත් නිමැවුමේ අපව දෙවියන් වන වඩාත් ලං කරනවා.

දෙවැනි ප්‍රශ්නයට පිළිතුර විවාද සම්පන්නයි. ශුද්ධ වූ බයිබලය තුළ සිටින ඇතැම් චරිත ගැන එවැනි වාද විවාද තිබෙනවා. යෙසායා දිවැසිවරයාගේ පොත කිව්වම අපට පේන්නේ එක් කෙනෙක්. නමුත් පිළිගන්නවා එය සංඝයක ලිපියක් කියලා. යෙසායාලා කීප දෙනෙක් කියලා. කතෝලික සභාව තුළ සාන්තුවර නාමාවලියේ සිටි ඇතැම් සාන්තුවරු, සාන්තුවරියන් පසුව ඉවත් කර තිබෙනවා. එහෙම පුද්ගලයෙක් සිටියේ නෑ කියන පදනමින්. ඒ නිසා ඔවුන් නමට තිබුණු පල්ලි පවා වෙනස් කර තිබෙනවා.

නිල කතෝලික සභාව තුළ මග්දලයේ මරියා සාන්තුවරියක ලෙස බුහුමනට පාත්‍ර වෙනවා. ඇය වෙනුවෙන් දෙව් මැදුරු ඉදි වී තිබෙනවා. ශුද්ධ වූ සුවිශේෂවල මද්ගලයා මරියා ගැන සඳහන් වන අවස්ථා කීපයක් තිබෙනවා. කුරුසිය පාමුල මෙන්ම ජේසු තුමාගේ සොහොන අසල සිටි එතුමාව උත්ථානයෙන් පසු හඳුනාගත් ප්‍රථම කාන්තාව ලෙස මද්ගලායේ මරියා ගැන සඳහන් වෙනවා. (ජුවාමි 20/1-8) මාක් ජේසුස් වහන්සේ ඇය තුළ සිටි යක්ෂාත්මයන් හතක් දුර කළ ස්ත්‍රීය ලෙස අපට හඳුනා ගන්නවා.

සීමොන් නම් පරිසිවරයාගේ නිවසේ ජේසුස්වහන්ස ආහාර ගනිමින් සිටියදි පැමිණි ජේසුගේ පා දෝවනය කළ පව්කාර ස්ත්‍රීය මග්දලාය මරියා යැයි එහි සෘජුව සඳහන් නොවේ. (ලූක් 7/36-50) ඒත් ඇතැම් විශාරදයන් ඇය මග්දලයේ මරිය ලෙසම හඳුනාගන්නවා.

තුන්වන ප්‍රශ්නය වන ලිපියේ දේව ධර්මය පිළිබඳ ප්‍රශ්නය ගත්තොත් ගත්තොත් එය ඉතා පැහැදිලියි. ජේසු පව් කාරයින්ව තෝරාගත්තා. ජේසු එදා කොන් කළ ස්ත්‍රීන්ව තෝරාගත්තා කියන කාරණයයි මේ නිර්මානයේ මූලික දේව ධර්මය.

පව්කාර ස්ත්‍රීන් යැයි නම් කළ, කොන් කළ ස්ත්‍රීන් උන්වහන්සෙගේ ශ්‍රාවක සංඝයට අයත් වූ බව පිළීගැනීමට කිසිදු බාධාවක් නෑ. ඔවුන්ගෙන් අයෙකු උත්ථානයේ සාක්ෂිකාරියක වු බවද පිළිගැනීමට බාධාවක් නෑ. ඇයගේ නම කව්රු වූවද එවන් ස්ත්‍රීයක තෝරා ගැනීමව විප්ලවීය ක්‍රියාවකි.

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා