ඔහු සෑදුවේ ගෘහ භාණ්ඩ පමණක් නොවේ. ඔහු දිව්‍යමය අරමුණට කැපවන ගෘහයක්ද තැනුවේය. ජෝශප් ඒ කාලය තුළ ගෘහ භාණ්ඩ නිර්මාණය කළ වඩුකර්මිකයෙකු පමණක් නොවේ. සියලු කාලයන්ට අදාලව දේව සැලැස්ම සම්පුර්ණ කළ දිව්‍යමය ශිල්පියෙකු ද වේ. ඔහු කම්කරුවෙකු වීම අභිමානය කොට සැලකුවේය. පරපුටු, පරිසි පූජක, දිවි පැවැත්ම ලෝකය මැවුම්කරු අපහාසයක් ලෙස ඔහු දුටුවේ ඔහු මගේ ජිවන සහකරු වීම ගැන මා හද පතුලින් සමිදුන් පසසමි.

අල්ප ලෙස කතා කරන මගේ වඩු කාර්මික ස්වාමි පුරුෂයා ගැන යමක් කිය යුතු යැයි හඟමි.

ඔබ පෙම්කරන ජේසුස් තුමා,  මිනිසත් බව ගැනිමේ දොරටුව වන්නේ මා පමණක් නොවේ. ඔහුද එකි දේව සැලැස්මේ අවියොජනිය. වෙන්කළ නොහැකි පංගුකරු ය.

ජේසුස් තුළ ඔබ දකින ප්‍රේමය, ජේසුස් තුල ඔබ දකින කරුණාව, ජේසුස් තුළ ඔබ දකින නිර්භීතකම, ජේසුස් තුළ ඔබ දකින සියල්ල ඔහුගෙන් තොර වූ‍යේ යැයි නොසිතන්න.

ඔහු සෑදුවේ ගෘහ භාණ්ඩ පමණක් නොවේ. ඔහු දිව්‍යමය අරමුණට කැපවන ගෘහයක්ද තැනුවේය. ජෝශප් ඒ කාලය තුළ ගෘහ භාණ්ඩ නිර්මාණය කළ වඩුකර්මිකයෙකු පමණක් නොවේ. සියලු කාලයන්ට අදාලව දේව සැලැස්ම සම්පුර්ණ කළ දිව්‍යමය ශිල්පියෙකු ද වේ. ඔහු කම්කරුවෙකු වීම අභිමානය කොට සැලකුවේය. පරපුටු, පරිසි පූජක, දිවි පැවැත්ම ලෝකය මැවුම්කරු අපහාසයක් ලෙස ඔහු දුටුවේ ඔහු මගේ ජිවන සහකරු වීම ගැන මා හද පතුලින් සමිදුන් පසසමි.

ඔහු  දාවිත්ගේ පරපුරේ මිනිසෙකි. එහෙත් ඔහු වංශය කබල් ගෑවා නොවේ. ඔහුට ශුද්ධ ලියවිල්ල ගැන ගැඹුරු දැනුමක් විය. ඔහු ධර්මිෂ්ඨයෙකි. සියල්ලට පළමු දෙවියන්ගේ රාජ්‍යයත් එහි ධර්මිෂ්ඨකමක් සෙව්ව‍ෙකි.

එබැවින් ඔහු සමාජය වසා පැවැති පිඩාව ගැන අන්ධව ගොළුව බිහිරිව සිටියා යැයි ඔබ සිතනවාද ? නැත කිසිසේත් නැත. ඔහුට දේව සාධාරණය හා දේව යුක්තිය ගැන ගැඹුරු අදහසක් තිබුණේය.

පරිසිවරුන් දේව සැලැස්ම නීතියෙන් වසා දැමිමට යහ්වේ කරන දරුණු අපහාසයක් බව ඔහු කිවේය. ඔහු රෝම අධිරාජ්‍යයාගේ අවශ්‍යතාවයට කුරුස සෑදිම ප්‍රතික්ෂේප කළේය. ඔහු රෝම අධිරාජ්‍යවාද්‍යයෙන්ද පරිසි පුජක බලාධිකාාරයෙන් ද ජනයා නිදහස් කිරිම දේව කැමැත්ත බව ඇදහුවේය.

භාහිර අධිරාජ්‍යවාදය හා අභ්‍යන්තර සියොන්වාදය විසින් දුප්පත්කමට ඇද දැමු ගලීලයේ කාර්මික කම්කරු ගොවි ජනතාවගෙන් කෙනෙකු ලෙස ඔහු දිළිදුකම අත්දුටුවේය. ඒ නිසාම ඔහු පිඩිතයාව නිදහස් කරන දෙවිදුන් ගැන ගැඹුරු ඇදහිල්ලක් තිබු මිනිසෙකි. ඒ ඇදහිලල අපේ ප්‍රේම බන්ධනයේ අත්තිවාරම විය.

අපි බෙත්ලෙහෙමට ගියෙ එකටය. ඔහු මා දමා ගියේ නැත. අපි එකට ඊජිප්තුවේ සරණාගත විමු. සරණගත පවුලක ස්වාමිපුරුෂයා ලෙස ඔහු ඊජිප්තුව තුළ ජීවිතය ගැට ගසා ගැනීමට කළ කැපවීම්, විදි දුක් වේදනා අපමණය. ඒ සියල්ල ඔහු ඉසිලුවේ ආදරයෙනි.

ඔහු කුඩා ජේසුව නැලවු හැටි මා මවිත කළේය. මම ඔහුට වඩා අදක්ෂ යැයි මට සිතුනි. ඔහු තුමා ජේසුට දුන් උණුසුම මා දුන් උණුසුමට වඩා වැඩි යැයි මට සිතුණි. ඔහු ජේසුගේ නළලත තැන්පත් කළ හාද්දක උණුසුම ද තෙතමනයද අල‍ෝකයද ආදරය ද තිබු බව ජේසු මට පැවසුවේ වරක් දෙවරක් නොවේ. ඔහු ප්‍රේමයේ මිනිසෙකි.

ඔහු යාඥාවේ මිනිසෙකි. තේරුම් ගැනිම අපහසු දේව කැමැත්ත ඉදිරියේ සලිත වුව ඔහු මා කැදවාගෙන ගියේ එ යාඥාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඔහු අපේක්ෂාවේ මිනිසෙකි. ඒ අපේක්ෂාව යුග ගණනක අපේක්ෂාවන්ගේ අපේක්ෂාවය.

ඔහු මෘදු මිනිසෙකි. ඒතරමටම හා ඊටත් වඩා සෘජු මිනිසෙකි ඔහු හිස නැමුවේ ද‍ෙවියන්ට පමණි.

තවත් දෙයක් කෙටියෙන් වුව කිව යුතුය. ජේසුස්ගේ ජිවන දැක්මේ පළමු ගුරුවරුයා වන්නේ මා පමණක් නොවේ. නිසැකවම අවිවාදයකින් තොරව ඔහු ද ඒ පළමු ගුරුවරකමේ සම හිමිකරුවාය. ආරම්භයේ කියු ලෙස ජේසු තුළින් ඔබට මගේ දයාබර සැමියා දකින්නැයි ඇරයුම් කරමි.

Jesustoday.lk 5 වන වසර 9 වන සතිය 2021 මැයි 02 වන ඉරිදා 

Comments powered by CComment