කෝවිඩ් තත්වය හේතු කොටගෙන දකුණ ආසියා කලාපයේ මාතෘ මරණ අනුපාතය ඉහළටම ගිය රට ශ්‍රී ලංකාව බවත් පසුගියදා වාර්තා වුණා. මේ සියලු තත්වයක් අපට කියන්නේ කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙක් මව්වරුන්ගෙන් සෞඛ්‍ය පිළිබඳ ප්‍රමුඛතා රටක් ලෙස අප ලිහිල් නොකළ යුතු බවයි.

මැයි 28 දිනට කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාකාරි ලෝක දිනය යෙදේ.

කාන්තාවගේ සෞඛ්‍ය ජන සමාජයක සෞඛ්‍යයේ තීරණාත්මක සාධකයකි. මවගේ සෞඛ්‍ය දරුවාගේ සෞඛ්‍ය කෙරෙහි සෘජුවම බලපායි.

මුළු ලොවම මේ මොහොතේ, සිටින්නේ කෝවිඩ් 19 නැමැති ගෝලීය සෞඛ්‍ය අර්බුදය හා සටන් කරමින් එසේ වූවත් කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රමුඛතාවය අත් නොහැරීමට සෑම රටක්ම උත්සහ කළ යුතුයි.

මේ සටහන ලියන මැයි 20 වන විට ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් නිසා ගැබිනි මව්වරු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන අතර ගැබිනි මව්වරු 170 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබති..

අප රටක් ලෙස කෝවිඩ් 19 තුළ ක්‍රියාත්මක වන්නේ විශාල ප්‍රමාදයක් සහිතවය.

මේ අතර උද්ගතව ඇති තත්වය තුළ වූවද ගැබිනි මව්වරු සායනවලට සහභාගී විය යුතු බව පවුලේ සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව ඉල්ලා සිටි බව අද පුවත්පත් වාර්තා කර තිබුණි.

ඊයේ පුවත්පත් වාර්තා කළේ මෙරට හෙදියන් 170 ක් පමණ රෝගයට ගොදුරු වී ඇති බවයි. නොබොදා කෝවිඩ් නිසා මිය ගිය පළමු හෙදිය පිළිබඳ කනගාටුදායක පුවත වාර්තා විය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා සමාජ සේවා ආශ්‍රිත රැකියාවලින් 62% ක් නිරත වන්නේ ස්ත්‍රීන්.

- පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ස්ත්‍රීන්ගේ යෙදීම 70% ක්.

- ඇඟළුම් ක්ෂත්‍රය ගත්තොත් 78% ක් ස්ත්‍රීන්.

ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් බෝඩිං ආශ්‍රීතව දිවි ගෙවන අය. ඊයේ පුවත්පත් වාර්තා කළේ එක් ඇඟළුම් කම්හලක පමණක් 400 දෙනෙකු රෝගී වී ඇති බවයි.

මීට පෙර දෙවන කෝවිඩ් රැල්ල ආරම්භ වූයේ ඇඟළුම් කම්හල් සේවිකාවගෙන් කියමින් ඇය ඉතා නින්දිත ලෙස හර්හාවට ලක් කළා ඔබට මතක ඇති.

කෝවිඩ් තත්වය හේතු කොටගෙන දකුණ ආසියා කලාපයේ මාතෘ මරණ අනුපාතය ඉහළටම ගිය රට ශ්‍රී ලංකාව බවත් පසුගියදා වාර්තා වුණා.

මේ සියලු තත්වයක් අපට කියන්නේ කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙක් මව්වරුන්ගෙන් සෞඛ්‍ය පිළිබඳ ප්‍රමුඛතා රටක් ලෙස අප ලිහිල් නොකළ යුතු බවයි. ඒ සඳහා මහජනයා නිරතුරු රජයට බලපෑම් කළ යුතුයි.

Jesustoday.lk 5 වන වසර 13 වන සතිය 2021 මැයි 30 වන ඉරිදා

 

Comments powered by CComment