රෝගීන් එක පිට එකා බැගින් වාර්තා වෙද්දී නිශ්පාදන ඉලක්ක සඳහා සේවිකාවන් වැඩට ගෙන්වීමට හාම්පුතුන් ක්රියා කරන්නේ සේවකයින්ගේ ආරක්ෂකයා විය යුතු රාජ්යයේ අනුග්රහයෙන් වීම මොන වගේ අපරාධයක්ද ?
සංචරණ සීමා යටතේ ඇඟළුම් කම්හල් අත්යාවශ්ය සේවාවක් බවට අනියමින් පත්ව ඇත. ඒ අන් කිසිවක් නිසා නොවේ රටේ පවත්නා උග්ර ආර්ථීක අර්බුදය හමුවේ විදේශ විනිමය උපයා ගැනීම සඳහාය.
රජය ඇඟළුම් කම්හල් සේවිකාවන් බිල්ලට දෙමින් හෝ තම ආර්ථීක ප්රශ්නය විසදා ගැනීමට සූදානම් බව පෙන්වීම මිනිමරු ප්රවේශයක් නොවේ ද ?
රෝගීන් එක පිට එකා බැගින් වාර්තා වෙද්දී නිශ්පාදන ඉලක්ක සඳහා සේවිකාවන් වැඩට ගෙන්වීමට හාම්පුතුන් ක්රියා කරන්නේ සේවකයින්ගේ ආරක්ෂකයා විය යුතු රාජ්යයේ අනුග්රහයෙන් වීම මොන වගේ අපරාධයක්ද ?
කෝවිඩ් දෙවන රැල්ල ඇඟළුම් සේවිකාවන් මත පැටවූ අයුරු යලි සිහියට නගා ගන්නේ නම් මෙරට මාධ්ය මෙන්ම පුරවැසියෝද දැක්වූ ප්රතිචාර සිහි ඵලවා ගත හැකියි. ඇඟළුම් සේවිකාව ඉන්දියන් කාරයින් සමඟ නේවි එකේ අය සමඟ අනියම් සබඳතා පැවැත්වීමෙන් කොරොනා ඇතිවු බව හැඟවූ කතා සිය ගණන් කිව්වේ ස්ත්රීය පිළිබඳ රාජ්යයේ හා පුරවැසියන්ගේ ආකල්පය මොනවට විදහා දක්වමින්.
ඇඟළුම් ක්ෂත්රයේ ශ්රම බලකායෙන් 78% ක් පමණ කාන්තාවන් ඔවුන්ගේ ශ්රමය සූරාකෑමෙන් පසුගිය වර්ෂවල උපයන විදේශ විනීමට ඩොලර් බිලියන 27-30 අතර වෙනවා. (රු. 56 000 000 000 ක් පමණ වෙනවා)
එක පියෙක් හා දරුවන් තිදෙනෙකු තම බිරිඳ අසනීප තත්ත්වය තුළත් වැඩෙහි යෙදවීමට විරෝධය පා ඇඟළුම් කම්හලක දොරටවු අසල සිටින වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්යයේ සංසරණය වුණා. එමගින් පෙන්නුම් කරන්නේ පාලනාධිකාරින් ක්රියාවට නංවන අසාධාරණ වැඩ කොන්දේසි
- නිවාඩු ලබාදීම ප්රතික්ෂේප කිරීම
- රැකියාවෙන් දොට්ට දැමීම
- රෝග ලක්ෂණ තිබුණද රැකියාවේ යෙදවීම
- සෞඛ්ය ආරක්ෂාව තහවුරු නොකිරී
සංචාරණ සීමා ඇඳිරි නීතිය ආදි සියල්ල තුළ ඇඟළුම් සේවිකාවන් සේවකයින්
අනාරක්ෂිතව රැකියාවේ යොදවීමට හාම්පුතුන් හා රාජ්යය ක්රියා කිරිමට සමාජයේ බලවත් විරෝධයක් මතුවීය යුතුමයි.
පාලකාධිකාරින් හා වැඩ තත්වය පිළිබඳ ඒ කතාව හැරුනු විට මෙම සේවිකාවන්ගේ නවාතැන් වල තත්වය විසින් ඔවුන්ගේ ජීවිත තව තවත් අනතුරේ හෙලනවා. ඉතාම සීමිත ඉඩකඩක් තුළ ඔවුන් වැඩි දෙනෙක් ජීවත් වන්නේ.
වගකිව යුතු රජයක් නියම හාම්පුතුන් කළ යුත්තේ තමන් උපයා ඇති ලාභයෙන් කොටසක් සේවක සේවිකාවන් සමඟ බෙදා ගෙන ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ක්රමයක් අනුගමනය කිරීම. නමුත් අපට ඇත්තේ පාලකයින් විසින් විනාශ කරන ලද බංකොලොත් රාජ්යයක්. කම්කරුවා ගැන නොසිතා බහුතර හාම්පුතුන් පිරිසක්.
යාන්තම් හෝ යහපත් මැදිහත්මක් කිරිමට ක්රමවේද සැකසීමට මහන්සි වෙන්නේ ඉතා සීමිත ආයතන සංඛ්යාවක්. නමුත් එය උත්තරය වෙන්නේ නෑ.
මේ සටහන ලියන පසු පානදුර ඇගලුම් කම්හලක සේවිකාවන් මිය ගිය පුවත මුහුණු පොතේ දකින්නට ලැබුණා.
සේවක සේවිකාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා වෘත්තීය සමිති රටේ ජනතාව රජයට හා හාම්පුතුන්ට බලපෑම් කළ යුතුයි.
Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා

Comments powered by CComment