රටේ පවතින සමාජ ආර්ථික අර්බුදය ගැන ජනතා අවධානය යොමු කළ යුතුය. මේ සිදුවීමෙන් උගත යුතු පාඩම ඒ අර්බුදය විසින් අද සිය ගණනක් මේ ඉරණමට ඇඳ වැටී සිටීම හා හෙට විය දහස් ගණනක් ඉරණමට ඇද වට්ටනු ඇත.

 

15 හැවිරිදි දියණියක අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ කතාවට පූජ්‍ය පක්ෂය ඇදිමත් සමඟ වරදකාරිය බවට ඒ දැරිවිය ම පත්කොට කතාව වෙනස් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාන්විතයක් දියත් ව තිබේ.

දැන් ඇයට ගල් ගසන්නට ගල් අතට ගත්තොත් සිරුවෙනි. මෙරට පිටරට වැදගත් මහත්වරුන් පමණක් නොව පූජ්‍ය පක්ෂයද ද දපනේ දැමු මෙ මාර දූතියවද ඇගේ මාර දුතිකා අම්මාටද එල්ල කරන ප්‍රහාර අපමණය.

‘ගහේ කටු උල් කරන්න අවශ්‍ය නෑ. අම්මත් ගණිකාව, දූත් ගණිකාව’

ගල් ගසන්නෝ කියනු ඇසේ

දඩුවම ලැබිය යුත්තේ මේ ස්ත්‍රීහුය.

ජේසු තුමා වෙත රැගෙන ආ පව්කාර ස්ත්‍රීය ගැන කතාව අප සිහිය නගා ගත යුතුය.

පවක් නැති කෙනා පළමු ගල ගැසිය යුතුය.

දිනක් බුදුන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයින් සිටින ස්ථානයකට මෙවැනි වරදකාර ලියක් පැමිණි විට අන් ශ්‍රාවකයෝ ඈ පිළිකෙව් කොට කතා කරන විට බුදු රජුන් ඈ ඇමතුවේ ‘නැගණිය’ යනුවෙනුයි. කතාවක් ඇත.

ඒ කිතුනෙත ඒ බුදු නෙත නැති කිතුනුවෝද බොදුනුවෝද සිටින විට ඒ මවද දියණිය ද නැගනියක් දියණයක් ලෙස නොපෙනේ.

මේ 15 හැවිරිදි දැරියගේ මව තවම 31 හැවිරිය. ඔවුන්ගේ ජීවිතවල බේදය ඉන්ම හඳුනාගත හැකිය. ඇය මවක් වී ඇත්තේ පහලොස් හැවිරිදි වියේදීය. මේ තුළ සැඟ වී ඇති රටම කතා නොකරන ළමා මව්වරුන්ගේ ඛේදවාචකය අප හඳුනාගත යුතුය.

රටේ ළමා මව්වරුන්ගේ කතාව අමතක කොට මුස්ලිම් ජනතාවගේ ළමා විවාහ ගැන පමණක් කතා කරන ඊනියා දේශප්‍රේමින්ද මේ සැඟවුණු සැඟවූ ඛේදවාචකයට වගකිව යුතුය.

ස්ත්‍රීන්ගේ කතාව සේම මේ දැරිය කෙලසු තාත්තාද බාප්පාද දෙදෙනාම මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවෝය. මත්ද්‍රව්‍ය ජාවාරම යනු මෙරට ඉහළම දේශපාලන අනුග්‍රහ ලබන්නකි. මේ ඛේදවාචක පසු අනෙක් ඇති අනෙක් කතාව මත්ද්‍රව්‍ය වේ.

තෙවැනි කතන්දරය නම් අප රටේ ඇති ලිංගිකත්වය පිළිබඳ අර්බුදයයි. මේ අර්බුදය තුළ තරා තිරම් නොමැතිව බොහො දෙනා ගිලි සිටින බව මේ සිදුවීම අනාවරණය කරන අනෙක් කතාවයි.

ඔවුන් අතර කෝටිපති ව්‍යාපාරිකයින්, මැණික් ව්‍යාපාරිකයෙක්, චීවරධාරියෙක්, නාවික කපිතාන්වරයෙකු වන විශේෂඥ වෛද්‍යවරයෙක්, පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළෙක්, දේශපාලකයෙක් ආදී සෑම තරාතිරමක අය වේ.

දැන් මේ බොහෝ අයගේ ආරක්ෂකයින් වන්නේ කව් දැයි ජනතාවට බලාගත හැකිය. බලවතුන්, ධනවතුන් පූජ්‍ය පක්ෂය ආදි අය ගැලවී ගොස් දැරිය, මව, පියා බාප්පා ත්‍රිරෝද රියදුරු ආදින් වරදකරුවන් වීමට ඇති ඉඩකඩ වැඩීය.

රටේ පවතින සමාජ ආර්ථික අර්බුදය ගැන ජනතා අවධානය යොමු කළ යුතුය. මේ සිදුවීමෙන් උගත යුතු පාඩම ඒ අර්බුදය විසින් අද සිය ගණනක් මේ ඉරණමට ඇඳ වැටී සිටීම හා හෙට විය දහස් ගණනක් ඉරණමට ඇද වට්ටනු ඇත.

Jesustoday.lk 5 වන වසර 20 වන සතිය 2021 ජූලි 18 වන ඉරිදා

Comments powered by CComment