ඉන්පසු දරුවන් සිටින මවකගේ මුළු ලෝකයම දරුවන් බවට පත්වන්නා සේ තිම්මක්කාගේ මුළු ලෝකය බවට මේ වෘක්ෂ දරුවෝ පත් වෙනවා.

 

බලන්න !

වද යැයි කී ඇයට දැන් දරුවන් දහස් ගණනකි. 

දරුවෙකු බිහි කිරීමේ හැකියාව ජීව විද්‍යාත්මකව අහිමි ගැහැනිය ‘වඳ ස්ත්‍රීයක’ සේ අපවාදයට ලක් කිරීම ඉතා අකාරුණික තත්ත්වයක්. එය නූගත්භාවයේ ප්‍රකාශයක්.

2021.11.13.02

‘මවක්’ වීම යනු තම කුසින් දරුවෙකු බිහි කිරීම පිළිබඳ කාරණයක් නොවන බව ඉතා පැහැදිලියි. ‘මවක්’ වීම යනු මාතෘ ගුණය පෑමයි. වැඳු මව හා හැඳු මව පිළිබඳ කතන්දර හුණුවටයේ කතාවටත් වඩා ඉපැරණියි.

මාතෘගුණය තුළින් මාතෘත්වය ජීව ගැන්වූ ගැහැනියක් ගැන සුවිශේෂි කතාවක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඈ සාලුමරුද තිම්මක්කා. ඈ උපදින්නේ අගහිඟකම් පිරුණු පවුලක. ඒ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ. දුප්පත්කම නිසාම ඇයට පාසල් අධ්‍යාපනය අහිමි වෙනවා. ඒ විතරක් නොවෙයි. ළමා ශ්‍රමිකයෙක් ලෙස වයස අවුරුදු දහයේදීම පතලක වැඩ කරන්න ඇයට සිදුවෙනවා.

බොහෝ ගැමි යුවතියන්ට සේම ඈ නව යව්වනයේදීම විවාහ වෙනවා. විවාහක යුවලකගේ බලාපොරොත්තුව වන දරු ඵල අපෙක්ෂාවෙන් කාලය ගත වෙනවා. වඳ ස්ත්‍රීයක ලෙස ඈ අවමානයට පාත්‍ර වෙනවා.

කාලය ගලා යන්නේ වේගයෙන් වසර 25 න් ගත වුනත් නිම්මක්කාට මවක් වෙන්න ලැබෙන්නේ නෑ. නින්ද අපහාස මැද වයස අවුරුදු හතලිහේදි ඈ දිවි නසා ගැනීමට තැත් කරනවා. ඇත්තටම දරු ඵල නැති වීම හරීම ස්වභාවික දෙයක් මිස විකෘතියක් නොවෙයි.

නිම්මක්කාත් ස්වාමියත් ජීවිතය ගැන අලුතින් හිතන්න පටන් ගන්නවා. නින්ද අපහාස කොන් කිරීම් මැද ජීවිතයට අරුතක් එක් කරන්න ඔවුන් දෙදෙනා පැළ සිටුවීම ආරම්භ කරනවා. සිටවු පැළ වතුර පොහොර දමා දරුවන් හදා වඩනා ආකාරයට හරී ආදරයකින් බලා තියා ගන්නවා. ඉන්පසු දරුවන් සිටින මවකගේ මුළු ලෝකයම දරුවන් බවට පත්වන්නා සේ තිම්මක්කාගේ මුළු ලෝකය බවට මේ වෘක්ෂ දරුවෝ පත් වෙනවා.

2021.11.13.03

දරුවන් හැදී වැඩෙනවා සේම මේ වෘක්ෂ දරුවොත් මේ වෘක්ෂ මවගේ ආදරය තුළ හැදී වැඩෙනවා. ඈ මුලින්ම නුග ගස් 400 ක් වවනවා. ඒ නුග වෘක්ෂ දරුවෝ දැන් මහ වනස්පතින් වෙලා, නිම්මක්කා මාතාවට දැන් වයස 110 ක්. ඇයව ඉන්දියාව හඳුන්වන්නේ වෘක්ෂ මාතාව කියලා.

ඇයට 2019 දී පද්ම ශ්‍රී සම්මානය පවා ඉන්දීය රාජ්‍ය පිරි නමනවා.

පසුගිය වසර හැටක කාලය තුළ ඇය තමත් රුක් දරුවන් 8000 ක් පමණ ලෝකයට බිහිකොට තිබෙනවා. නිම්මක්කා අපිට කියන්නේ තමන්ගේ දරුවෙක් නැති වුනාට දරුවන් දහස් ගණනකට මවක් වෙන්න හැකි ක්‍රම ගොඩාක් තිබෙන බව.

තම්මක්කා පරිසර අරමුදල’ නමින් අරමුදලක් වර්ථමානය ක්‍රියාත්මක වන්නේ මේ විශිෂ්ඨ පරිසරවේදිනියගේ මෙහෙවර ඉදිරියට ගෙනියමින් වැවක් තැනීම ඇතුළු තවත් කාර්යයන්ට අත ගසා තිබෙනවා.

ඇය තම හරිත සටන ගැන මෙසේ පවසනවා. 

මහත්මා ගාන්ධි බටහිර ආධිපත්‍යයට එරෙහිව
දේශීය රෙදිපිළි ප්‍රවර්ධනය කිරිමේ
අසිපතක් ලෙස චරකය භාවිත කළේ
යම් සේද මම වඩා හොඳ පිවිතුරු ජීවිතයක් සඳහා
සටන් කිරීමට හරිත පැහැය අසිපතක් සේ භාවිතා කරමි.
ඔබත් ඔබේ අසිපත හරිත පැහැයෙන් සාදා ගන්න.

මාතෘත්වයට නව අරුතක් එක් කළ නිම්මක්කා ස්ත්‍රීත්වයට මෙන්ම මනුෂ්‍යත්වයටත් ගෙන දෙන්නේ අපුරු වටිනාකමක්.

Jesustoday.lk 5 වන වසර 36 වන සතිය 2021 නොවැම්බර් 14 වන ඉරිදා 

Comments powered by CComment